එහෙත් ඒ සම්බන්ධයෙන් වූ වාර්තා මාධ්‍යවල පළවීම නිසා කලබලයට පත් ජනාධිපතිවරයා, පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා දිවයිනට පැමිණෙන තෙක් එකී කටයුතු කල් දමන්නැයි එම පක්ෂයේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාට දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී අදහස් දැක්වූ ශ්‍රිලනිප මූලස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ පක්ෂ මූලස්ථානය අගුපිලකට ගෙන යෑම පිළිබඳව පක්ෂයේ මැති ඇමතිවරුන් පමණක් නොව පාක්ෂිකයන් බහුතරයක් ද නොසතුට පළ කර ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා, අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ මෙහෙයවීම මත ඩාලි පාරේ, අංක 301 දරණ ස්ථානයේ මහල් පහකින් යුතුව ඉදිකරනු ලැබූ පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල ව්‍යාපාරිකයෙකුට විකුණා බත්තරමුල්ලේ පිහිටි පක්ෂයට අයත් ඉඩමෙහි නව කාර්යාලයක් ඉදිකිරීමට ජනාධිපතිවරයා අදහස් කර සිටින බවද ඔහු සඳහන් කළේය.
එහෙත්, මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියේ, පක්ෂ මූලස්ථානය ආරක්ෂක ලේකම්වරයාගේ ඥාතියෙකුගේ ගොඩනැගිල්ලකට ගෙන ගොස් පක්ෂ මූලස්ථානය රාත්‍රී සමාජ ශාලාවක් වෙනුවෙන් බදු දීමට යෝජනා වී ඇති බවයි. පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල ඉවත් කිරීමෙහි මූලික අරමුණ එම ගොඩනැගිල්ල හා බැඳුණු බණ්ඩාරනායක නාමය කෙරෙහි ජනාධිපතිවරයා තුළ තිඛෙන භීතිය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Source - lankanewsweb.com