Chitika Smowtion 468x60


Wednesday, March 14, 2012

විමල් වීරවංශ ඇමරිකන් විරෝධී විප්ලවය අරඹයි


ඊයේ දිනයේ හයිඩ් පාර්ක් කෝනර් හි පැවති ජනහමුවකදී ඇමරිකානු සන්නාම වර්ජනය කලයුතු බව කි විමල් විරවංශ මහතාගේ සංක්ෂිප්ත කතාව අප ඔබ වෙත ඉදිරිපත් කළා.පහත දැක්වෙන්නේ එම කතාව හා එම අවස්ථාවේ විඩියෝවයි.

"කොල්ලෝ කෙල්ලෝ ලංකාවේ තරුණ තරුණියෝ...ඇමරිකානු සන්නාමය..එක්සත් ජනපද බ්‍රෑන්ඩ් නේම් එක..කොකා කෝලා නොබී අත ඇරියොත් ආන්න එකත් විරෝධත්වයක් තමයි එකසත් ජනපදයට දෙන..උන්ගේ සන්නාම කොකා කෝල පෙප්සි කෝලා නොබී..මැරෙන්නේ නෑනේ හත්වලාමේ...!
දරුවොන්ට කියන්න ගන්න එපා..යාලුවන්ට කියන්න ගන්න එපා බොන්න එපා...එක්සත් ජනපදය අපට කරන හතුරුකමට විරුද්ධව අපිට පෙන්නන පුළුවන් විරෝධය පුංචියට හරි පෙන්නන්න ඕන මගේ අම්මේ තාත්තේ.."

අන්තර්ජාලය පාවිච්චි කරන අය ගුගල් සර්ච් එන්ජින් එක පාවිච්චි කරන්න එපා..ජීමේල් එකෙන් ගැලවෙන්න..මගෙත් තියෙන්නේ ජීමේල් එක ඊමේල්..හෙට ඉදන් ඒක වෙනස් කරනවා..ජි මේල් වලින් අයින් වෙමු..ගුගල් වලින් අයින් වෙමු..කොකා කෝලා පෙප්සි කෝලා වලින් අයින් වෙමු..

කේ.එෆ්.සි මැක්ඩොනල්ඩ්ස් වලට නොගිහින් ඉමු..ඇමරිකානු සන්නාම පාවිච්චි නොකරන රටක් හදලා..එක්සත් ජනපදයට පෙන්නමු..උඹලා හැපෙනවානම් අපිත් පෙන්න ලෑස්තියි කියලා රටම එකතුවෙලා පෙන්නමු මගේ අම්මේ තාත්තේ..."

එහි වීඩියෝව පහතින් 


විමල්ගේ අයි පෑඩ් ගැන දයාසිරි ජයසේකර හෙළි කරයි 


අමාත්‍යය විමල් වීරවංශ මහතාගේ කතාවට පිළිතුරු ලෙස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා ඇත්තේ මෙවැන්නක් 


"විමල් වීරවංශ ඇමරිකානු නිෂ්පාදනයක් වන "අයි පෑඩ්" උපකරණය භාවිතා කරනවා.විමල් වීරවංශ අමාත්‍යවරයා මම සහභාගී වූ සාද වලදී අයි පෑඩ් උපකරණ මගින් ගුගල් හරහා ගීත සොයාගෙන ගායනා කොට තිබෙනවා" ඉතින් කොහමද එයා මිනිස්සුන්ට කියන්නේ ඇමරිකානු නිෂ්පාදන භාවිතා කරන්න එපා කියලා?


මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ විසින් විමල් වීරවංශ මහතාට අභියෝග කර තිබෙනවා. ඒ හැකිනම් ඇමරිකානු සන්නාම ශී‍්‍ර ලංකාව තුළ තහනම් කර පෙන්වන ලෙසයි.

එම පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මෙම අභියෝගය කළේ කොළඹ ඊයේ පැවති ජනරැළියකට එක්වෙමින්. 






Source: http://www.gossip9.com/2012/03/blog-post_4825.html#ixzz1p6d8fglU 

Share this article with your friends