උවනෙහි රැඳි දඟකාර, හැඩකාර සිනහව සොබා දහමෙන් ඇය ලද මහඟු දායාදයක්. ඒ දඟකාර හසරැල්ලෙන් මුවඟ සරසා ගෙන අප පිළිගත් ඇගේ ළෙන්ගතුකම අපට කීවේ ඇගේ නීල නුවන් යුගල.කොහොමද? එන්න ඇතුළට. අපි මෙතන ඉඳන් කතා කරමු නේද?ඇගේ ඇරැයුමෙන් අපි ගොඩ වුණේ කුරුළුපොත පිහිටි බිනුරිගේ ගෙදර.
මේ ඉන්නේ බිනුරිද?
නෑ, මේ ඉන්නේ වත්සලා දියලගොඩ.
වත්සලා හරිම කාර්යබහුලයි නේද?
අපොයි ඔව්. මේ දවස්වල දිගටම ෂූටිං. අදත් පාන්දරම වැඩ පටන් ගත්තා. කලාව තමයි අපේ ජීවිතේ. ඒ නිසා අපි යම් නිර්මාණයකට දායක වුණාම ඒ වෙනුවෙන් සියයට සියයක්ම කැප විය යුතුයි. කැපවීමත් සමඟ අපට ලැබෙන චරිතයට අපි සාධාරණයක් කරන්න නම් අපි මුලින්ම අපිට ලැබෙන චරිතයට ආදරය කරන්න ඕන. එතකොට ඊළඟ පියවරේදී ප්රේක්ෂකයන්ගේ ආදරය ඒ චරිතවලට ලැබෙන්නේ නිරායාසයෙන්.
ඒකද වත්සලාගේ ජනප්රියත්වයේ රහස?