පකෂයේ නියෝජ්‍ය නායක තනතුර සඳහා තරඟ කළ සජිත් ප්‍රේමදාස ඡන්ද 50ක් ලබාගෙන පකෂයේ හිටපු ජාතික සංවිධායක රවි කරුණානායක ඡන්ද 8කින් පරාජයට පත් කළේය. එජාපයේ ජනප්‍රිය තරුවක් වු දයාසිරි ජයසේකර නැගෙනහිර පළාත් සභාවේ විපකෂ නායක හා ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දයා ගමගේට වඩා ඡන්ද 20කින් පරාජයට පත් වෙමින් උල්කාපාතයක් සේ කඩා වැටුණේය. කරුට එජාප කෘත්‍යාධීකාරී මණ්ඩල සාමාජිකත්වය ද අහිමි විය. එජාපයේ නායකත්වය සඳහා නිළධාරී මණ්ඩලය වසරින් වසරට තෝරාපත් කර ගැනීම සඳහා පකෂ ව්‍යවස්ථාව සංශෝධනය වුයේ පකෂ නායකත්වයේ වෙනසක් ඉල්ලා සිටි කැරලිකාර කණ්ඩායමේ එකඟතාවයෙනි.
එජාපය හැර නොගොස් කොතෙකුත් අභියෝග ජය පරාජයන් මැද පකෂය තුළ සිටි සජිත්, රවී, දයාසිරි, දයා ගමගේ වැනි අයට පකෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ පිළිගැනීමක් තිබී ඇති බව නිලවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කිරිමේ දී පෙනී යයි. පකෂයේ ෙජ්ෂ්ඨ, කණිෂAඨ බහුතර පිරිසක් සජිත් ප්‍රේමදාස පකෂයේ අනාගත නායකයා විය යුතුය බවත් ඒ සඳහා ඉවසීමෙන් හා සංගමයෙන් ඉදිරියට යාම සඳහා පකෂයේ නියෝජ්‍ය නායකත්වයට ඔහු ඔසවා තබා ඇති බව ප්‍රතිඵල දෙස මැදිහත්ව බැලිමේ දී පෙනී යයි. පකෂයේ ෙජ්ෂAඨයින් බොහෝ දෙනෙක් සජිත්ට පකෂයේ නායකත්වය අනාගතයේ දී හිමි විය යුතු බවත් ඒ සඳහා ඔහු දේශපාලනිකව විනාශ නොකර ඉදිරියට ගෙන යා යුතු බවත් මෙම ප්‍රතිඵල තුළින් විදහා දැක්වේ. එජාපයට රිදී සිනුවක් බඳු එමෙන්ම දකෂ ක්‍රියාකාරිකයෙකු හා සංවිධායකවරයෙකු වන ප්‍රතිභාසම්පන්න දයාසිරි ජයසේකර, ව්‍යාපාරික දයා ගමගේට පරාජය වීම තුළ ගම්‍ය කරන්නේ එජාපයට මේ මොහොතේ අවශ්‍ය කරන්නේ කරන්නේ හොඳ සංවිධායකවරයෙකු නොව එජාපයේ වාණිජ දුප්පත්කමින් ගොඩ ගත හැකි ව්‍යාපාරිකයෙකු බවයි. එජාපය මන්ත්‍රීවරුන්ගේ වැටුප් වලින් හෝ කැට හෙලවීමෙන්, ස්ටීකර් විකීණිමෙන්, පත්තර විකිණීමෙන් හා ආධාර පත්‍ර වලින් නඩත්තු කළ හැකි දේශපාලන පකෂයක් නොවේ. පකෂයට ආධාර උපකාර කළ කළ ධනවතුන්, ව්‍යපාරිකයන් පකෂය මඟ හැර ඇත. එබැවින් පකෂය මුල්‍යමය වශයෙන් ශක්තිමත් කිරිමේ වගකීම දයා ගමගේගේ උරමත පැටවෙන බවත් පකෂය බිම් මට්ටමින් ගොඩනැගිමේ වගකීමට උරදීමට සිදුවන්නේ නියෝජ්‍ය නායක ධුරයේ සිටින සජිත් ප්‍රේමදාසටය. රනිල් වික්‍රමසිංහ පකෂයේ අභ්‍යන්තර මණ්ඩල තුළ විශ්වාසය ඇතත් රට තුළ එජාප සාමාජිකයින් අතර ප්‍රසාදයක් නැත. එහෙත් රනිල් දැන් පකෂයේ ව්‍යවස්ථානුකූල නායකයාය. ඔහුට හිස නැමීම හෝ නොනැමීම පකෂයේ නියෝජිතයින්ගේ හා පාකෂිකයින්ගේ වැඩකි. ඒ දෙස බලා සිටිනවා හැරෙන්නට අපට කළ හැකි කිසිවක් නැත.
එහෙත් මෙහි දී පහසුවෙන් මඟ හැර යා නොහැකි දේශපාලන ඛේදාන්තයක් ඇත. එය නම් මහනායක හිමිවරුන්ගේ ආශීර්වාදය මැද එජාප නායකත්ව සටනට ආ මහෝපාසික කරු ජයසුරියගේ දේශපාලනික පරාජයයි. සජිත්ට නියෝජ්‍ය නායකත්වය සඳහා ඡන්දය දුන් 50 දෙනාවත් දයාසිරිට ඡන්දය දුන් 36 දෙනාවත් නිලවරණයේ දී කරූට ඡන්දය නොදුන්නේ ඇයි? කරු වෙනුවෙන් ඔවුන් පකෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලය තුළ කැම්පේන් කලේ නැද්ද? එසේ නැත්නම් සැලසුම් සහගතව කරු මෙම ඛේදජනක ඉරණමට ඇඳ දැමුවාද? පකෂ නායකත්වයෙන් රනිල් පැන්නීමේ කිලි මහරාජාගේ එම්ටීවී සිරස නාලිකාවේ ව්‍යාපෘතියට කරූ ගොදුරු වුවාද ? රනිල් පැන්නීම සඳහා සජිත්ගේ නායකත්වයෙන් දියත් කෙරුණු කැරැල්ල ගිය වසරේ පරාජයට පත්වීමෙන් පසු රනිල් සමඟ සටනට කරූ අභිමුඛ කෙරුවේ කිලි මහරාජා ද? එසේ නැත්නම් තිරු නඩේසන් ද? ටිරාන් අලස් ද? තුෂාර ගුණරත්න ද? උපුල් ජෝශප් ද? කරූ දේශපාලනික වශයෙන් දං ගෙඩියට යවා විසංයෝජනය කිරිමේ උවමනාව තිබුණේ කාට ද? තමන්ට කිසිසේත් වාසිදායක නොවන ක්‍රිඩා පිටියකට කරූව ඇතුල් කලේ අනාගත එජාපය තුළ සිංහල බෞද්ධ නායකත්වයක් බිහි වීම වළක්වනු සඳහා ද? එජාප නායකත්වයට කරූ ජයසුරිය පත් වීම ජනපති මහින්ද රාජපකෂට බියකරු නපුරු සිහිනයක් වුයේ ද? එසේ නැත්නම් අනාගතයේ දී කරූ ජයසුරියගෙන් තිඛෙන දේශපාලනික අභියෝගය දැක ක්ලවේලා ඇතිවම එජාපය තුළම නායකත්ව තරඟයට කැඳවා එජාපය තුළම මකබෑවීමට කටයුතු කළා ද? මේ සටනට මාධ්‍ය අවකාශය තුළ දිරි දුන් මහරාජා වෙළඳ ව්‍යාපාරය පරාජය වී දේශපාලනය ජය ගැනීම ගැන අප සතුටු වන්නෙමු. පකෂයක නායකත්වය වෙනස් කිරීමට මාධ්‍ය ආයතනයකට හෝ වාණිජ සමාගමකට ඉඩ දිය යුතු නැත. කිලි මහරාජාගේ න්‍යාය පත්‍රයට එජාපය පමණක් නොව රටේ කිසිදු දේශපාලන පකෂයක් තබා මරණාධාර සමිතියක්වත් යටත් විය යුතු නැත. සිරස මාධ්‍ය ජාලය නම් දැලට අපේ මුළු සමාජයම කොටු වී ඇත. මහාරාජා සමාගම ශ්‍රි ලංකා සමාජය මත එළා ඇති මේ දැලෙන් අපේ සමාජය නිදහස් විය යුතුය. ගර්හිත වුවත් රනිල් ඒ සටන අරඹා ඇත. රනිල් මාධ්‍ය හමුවක දී සිරිකොතේ බුදුපිළිමයට වැදුණු ගලක් කිලි මහරාජාට බාරදීම සංකේතාත්මකව වැදගත් වුවත් සිරිකොතේ බුදුපිළිමයට ගල් ගැසු බෞද්ධ විරෝධි, ක්‍රිස්තියානි මුලධර්මවාදී කොටි හිතවාදී එජාපය තුළ සැඟව සිටින රෝසි, එරාන්, ජෝෂප්, ජෝන්, සුජීව ඇතුලූ මුලධර්මවාදී කල්ලි හදුනාගෙන ඔවුන්ට ගල් ගසන්නට සැබෑ දේශප්‍රේමී, ජාතිප්‍රේමී එජාප පාකෂිකයින් පෙරට එන්නේ කවදාද? එතෙක් රනිල් වික්‍රමසිංහට සිදුවන්නේ තමන්ට ගැසු ගල් රැගෙන මහනායක හිමිවරු ඉදිරියට ගොස් හ`ඩන්නටත් කිලි මහරාජාට ගල් බාර දෙන්නටත් පමණි.
- සපුමල් මොණරවිල
Source : lankanewsweb.com