Chitika Smowtion 468x60


Tuesday, January 24, 2012

ජනපති ලෙස රඟපෑ සිසුවා කතා කරයි


වේදිකාවට වැන්දේ අපහාස කරන්න නෙමෙයි.

මුළු නාට්‍යම දැක්කා නම් අපිට ආශිර්වාද කරයි.

 පසුගිය 18 වෙනිදා "ජනපතිට අපහාස වන නාට්‍යයක් කලාට සිරිධම්ම විදුහල්පති එලියට" යනුවෙන් ලිපියක් අපගේ වෙබ් අඩවියේ පලවුවා. එහී සදහන් වුයේ ගාල්ල ලබුදුව සිරිධම්ම විද්‍යාලයේ සිසුන් විසින් රගදැක්වූ වේදිකා නාට්‍යයක ජනපති ලෙස අනුකරණය කරනු ලැබූ චරිතයක් තිබීම නිසා එම පාසලේ විදුහල්පතිවරයාගේ වැඩ තහනම්වූ බවට පුවතක්.

එම පාසලේ සිසුන්ගේ මව්පියන් පසුගියදා විදුහල්පති නැවත සේවයේ පිහිටුවන ලෙසට බල කරමින් විරෝධතා ව්‍යාපාරයකද නිරත වූවා. මේ අතර එම වේදිකා නාට්‍යයේදී ජනපති ලෙස රගපෑ සිසුවා දෙරණ ප්‍රවුත්ති විකාශය හා අදහස් දක්වා තිබුනා. 

එහිදී එම සිසුවා කියා සිටින්නේ තමන් කිසිවිටෙක ජනපතිට අපහාසයක් වන ලෙසට රගනොපෑ බවත් නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට පෙර ගුරුවරුන්ට පෙන්වා ඔවුන්ගේ අවසරය ලබා ගත බවත්ය. ඔහු පවසන අන්දමට එම නාට්‍යය රගපෑම සදහා වේදිකාවට ගොඩවීමට පෙර වේදිකාවට වැන්දේ ජනපති ලෙස නොව නළුවෙක් ලෙස බවය. 

එසේම දෙමාපියන්ද සදහන් කරන්නේ මෙම සිද්දිය වරදවා වටහා ගත අයෙකු එය රූපගත කර අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ට පෙන්වා ඇති බවයි. එම සිසුවා වැඩි දුරටත් කියා සිටින්නේ මෙම මුළු නාට්‍යම දැක්කා නම් ජනපතිතුමා අපගේ රංගන කුසලතාවයට ආශිර්වාද කරනු ඇති බවයි.

රමේෂ් පතිරණගේ පලිගැනීමක්ද?

මේවනවිට අප වෙත වාර්තා වන්නේ මෙය හුදෙක්ම ජනාධිපතිතුමාගේ චරිතය අනුකරණය කිරීම මත සිදුවූවක් නොව රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා හා එම විදුහල්පති අතර තිබු ගැටුමකද ප්‍රතිඵලයක් බවයි.


රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා සිරිධම්ම විදුහලේ ශාලාවක් රැස්වීමක් පැවැත්වීම සඳහා ඉල්ලා ඇති අතර විදුහල්පති විසින් එය ප්‍රතික්ෂේපකොට ඇත.

තවද රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා විසින් දෙන ලද ළමුන් ලැයිස්තුවක් පාසලට ඇතුලත්කර නොගැනීමද මෙම ගැටුමට හේතුවී ඇති බව අප වෙත වාර්තා වනවා.

මේ අතර සිරිධම්ම විද්‍යාලය අසල දෙමාපියන් මෙම ක්‍රියාවට විරුද්ධව උද්ඝෝෂණ පවත්වද්දී කරාපිටිය නගරය ආසන්නයේ තවත් පිරිසක් පෝස්ටර් අලවා තිබුනේ ජනාධිපතිට හා රමේෂ් පතිරණට නිගරු කල එම විදුහල්පති හිරේ දමන ලෙසයි.


එහි වීඩියෝ දර්ශන පහතින් බලන්න.

ආශ්‍රිත පුවත් - ජනපතිට අපහාස වන නාට්‍යයක් කලාට සිරිධම්ම විදුහල්පති එලියට





Source: http://www.gossip9.com/2012/01/blog-post_23.html#ixzz1kKMvL9vH

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends