Chitika Smowtion 468x60


Tuesday, January 24, 2012

මොට්ටු තියන් ඩිල්කා බලන්න ගිය මර්වින් සිල්වා

මර්වින් සිල්වාට මේ දිනවල කප්පම් චෝදනා එල්ලවීම ඇතුලු ප්‍රශ්න රාශියක් ඇතිවී තිබෙන්නේ කාලි අම්මාන් කෝවිලේ සාපයක් නිසා බව බොහෝ දෙනා පවසති.

මේ සඳහා ඔහු විසින් පසුගිය 17වනදා හිතවත් කාන්තාවකගේ මාර්ගයෙන් එම සාපයෙන් ගැලවීම සඳහා හොර රහසේම එළුවන් කීපදෙනෙක් බිලිපූජාවක් සඳහා මුන්නේෂ්වරම් කෝවිලට පූජා කර ඇතැයිද වාර්තා විණි.

පසුගිය බ්‍රහස්පතින්දා දෙරණ රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදිනියක් වන ඩිල්කා සමන්මලී මෙනවියගේ විවාහ උත්සවය ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේදී පැවැත්විණි.

මේ සඳහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද බොහෝදෙනෙක් සහභාගී වී තිබුණි.

මංත්‍රීවරුන් පිරිසක් එහිදී කතාකරමින් සිටින අවස්ථාවේ හදිසියේම එතැනට පැමිණියේ මර්වින් සිල්වාය. ඔහුගේ නලලේ කෝවිලක සින්දූර් තිලකයන් බඳු පැල්ලමක්ද තිබුණි.


"මොකක්ද ඔය මොට්ටුවක් තියලා. කෝවිලකටවත් ගියාද?" මර්වින් සිල්වාගෙන් එසේ විමසා සිටියේ සජිත් ප්‍රේමදාස මංත්‍රීවරයායි.

"කෝවිලකට ගියා නෙවෙයි. මම දැන් කෝවිලේම තමයි ඉන්නේ" මර්වින් සිල්වාගේ පිලිතුර විය.

උපේක්ෂා ස්වර්ණමාලි හා රෝසි සේනානයක සමඟ මර්වින් සිල්වා මොට්ටුවක් තබාගන කතා කරමින් සිටි අයුරු.


ජායාරූපය චතුර කොඩිකාර






Source: http://www.gossip9.com/2012/01/blog-post_2887.html#ixzz1kKOUFIpL

Share this article with your friends