Chitika Smowtion 468x60


Tuesday, January 24, 2012

උසාවියෙන් ඇප නියම කල සිසුන්ට විශ්වවිද්‍යාලය තහනම්ද?


පළිගැනීමේ අරමුණින් ලබාදුන් දඬුවමක්ද?

2012-01-10 වන දින රාත‍්‍රී කාලයේ ශිෂ්‍යයින් 4 දෙනෙකුට පහරදීම, කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් ආචාර්යවරයාගේ නිවසට පහරදීම පිළිබඳව ඔබ මීට පෙර දැනුවත් කළෙමු. ආචාර්යවරයාගේ නිවසට පහරදීම උගත් බුද්ධිමත් ශිෂ්‍යයින් ලෙස අප දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

නමුත් ශිෂ්‍යයින්ට පහරදීම පිළිබඳව කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. ආචාර්යවරයාගේ නිවසට පහරදීම සම්බන්ධව සැකපිට 2012-01-12 දින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි සිසුන් 5 දෙනා 2012-01-17 දින බලංගොඩ දිසා අධිකරණයේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලදි. එහිදී අපි මීට පෙර කියූ පරිදිම එම ආචාර්යවරයා ඔහුම නම් ලබාදුන් සිසුන් 5 දෙනා හඳුනාගත් අතර ආරක්ෂක අංශ සාමාජිකයෙක්ද හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට සහභාගී වූ අතර ඔහුට හඳුනාගැනීමට හැකිවූයේ නිවැරදිව තිදෙනෙක් හා වෙනත් පුද්ගලයන් දෙදෙනෙකි.

පසුව සිසුන් 5 දෙනා රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත නිදහස් කල අතර ඔවුන් සෑම මසකම අවසාන ඉරුදින සමනලවැව පොලීසියේ පෙනීසිටින ලෙස නියෝග කරන ලදි. නමුත් ඒ සමඟම සිදුවූ අනෙක් කණගාටුදායක කාරණය නම් ඔවුන්ට උසාවියෙන් ඇප නියමකලත් උපකුලපතිතුමා විසින් ඔවුන්ට සියලූම පරීක්ෂණ අවසන් වනතුරු විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තහනම් කර ලිපියක් යවා තිබීමයි. මෙහි සඳහන් "සියලූම පරීක්ෂණ” යන්නෙහි කිසිදු පැහැදිලි බවක් නැත. එය විශ්වවිද්‍යාලය පරීක්ෂණයක්ද, උසාවි පරීක්ෂණයක්ද, උසාවි පරීක්ෂණයක් නම් අවසන්වන කාලය පිළිබඳව අපට නිශ්චිතව කිව නොහැක. මේ නිසා ශිෂ්‍යයින් ලෙස අප දැඩි අසාධාරණයකට ලක්වී ඇත. 

විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨය හැර සියලූම පීඨ මේ වනවිට විභාග පරීක්ෂණ වලට මුහුණදෙමින් සිටී. මෙහිදී විශ්වවිද්‍යාලයේ එක් ශිෂ්‍යයෙකුට හෝ විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් ඔහුට තවත් වසරක් විශ්වවිද්‍යලය තුල රැදී සිටීමට සිදුවේ. මේ නිසා මෙම සිසුන්ට ලබාදුන් දඬුවම ශිෂ්‍යයින්ගෙන් පෞද්ගලික පළිගැනීමේ අරමුණින් ලබාදුන් දඬුවමක් බව ශිෂ්‍යයින්ගේ මතය වේ. තවද දැනට විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍යසංගම් තහනම් කර ඇති බැවින් ශිෂ්‍යයින්ට පරිපාලනය සමඟ සාකච්චාවක් ලබාගැනීමට පවා කිසිදු නීතිමය රාමුවක් නොමැත. මෙමගින් සිසුන් රැසකගේ අනාගතය අඳුරු වීමට ඉඩදීම සාධරණද?

සබරගමුව විශ්වවිද්‍යාලයේ සරසවි සිසුන් යොමුකළ ලිපියක් ඇසුරෙනි.






Source: http://www.gossip9.com/2012/01/blog-post_22.html#ixzz1kKLNMGZ3

Share this article with your friends