එම ලිපිය දුටු ඔවුන් අපවෙත ඔවුන්ගේ සංගීත කණ්ඩායම පිලිබදව වැඩි විස්තරද දක්වා තිබෙනවා.
ලාඕ සිලෝන් කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදනය කරන්නේ ශ්‍රී ලාංකිකයෙකු වන Prince Felsinger මහතායි. මේ කණ්ඩායමේ නායකයා වන්නේ ලාඕස ජාතික Sengthong Boutsady මහතා වන අතර සිංහල බසින් ගීත ගැයීමටද ඔහුට හැකියාවක් තිබෙනවා.
එසේම ඩ්‍රම්ස් වාදනය කරන්නේද Sengthong Boutsady මහතා වන අතර ඔහුගේ දියණිය වන Alanya Boutsady මෙනවිය ගීත ගායනයෙන් හා කී බෝර්ඩ් වාදනයෙන් සහය වෙනවා. ඇයගේ මව වන Bounthy Boutsady මහත්මිය කණ්ඩායමේ ගීත ගයනා කරන අතර අනෙක් සාමාජිකයන් තිදෙනා ඔවුන්ගේ මිතුරන්.
සරල,සංගීතයට ප්‍රිය කරන ලාඕස ජාතිකයන්ගෙන් සමන්විත එම සංගීත කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් Bob, Gomin, Kuong වන අතර ඔවුන් පිළිවෙලින් රිදම් ගිටාර්,කී බෝර්ඩ් හා Percussions වාදනය කරනු ලබනවා.
මෙම සබැඳියෙන් ඔබට ඔවුන්ගේ යු ටියුබ් චැනලය හා සම්බන්ද විය හැකිය.
පහත දැක්වෙන ගීතයට ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් කැමති බවද පෙනුණු අතර වැඩිදෙනෙක් සිය ෆේස්බුක් ගිණුම් වලද එය හුවමාරු කරගෙන තිබුනා.
විශේෂ ස්තුතිය Rohan Felsinger මහතාට.
Source: http://www.gossip9.com/2012/01/blog-post_21.html#ixzz1kKIsIdrs