Chitika Smowtion 468x60


Sunday, January 1, 2012

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කුණු බාල්දියට


උගත් හා පාඩම් ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමෙන් මග හැර සිටීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර තිබේ.
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ උපදේශකයන් කිහිප දෙනෙකු විසින් කරන ලද දැඩි බලපෑම් හමුවේ ජනාධිපතිවරයා එම තීරණය ගෙන ඇත.


උගත් පාඩම් කොමිසම ඔවුන් වෙත පවරන ලද රාජකාරී සීමාවෙන් ඔබ්බට යමින්, ජාත්‍යන්තරය පිනවීමට සිය නිර්දේශ ඉදිරිපත් කර ඇති බවටත්, එම නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම එල්.ටී.ටී.ඊ.යෙන් බැට කෑ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවටත්, එල්.ටී.ටී.ඊ.ය විනාශ කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ආරක්‍ෂක හමුදාවන්ටත් බලවත් අසාධාරණයක් සිදුවන බව පසුගිය සඳුදා ජනාධිපතිවරයා හමු වී ඇති එම පිරිස ජනාධිපතිවරයා වෙත අවධාරණය කර තිබේ.
එහෙයින්, මෙම කොමිසන් සභා වාර්තාවට එරෙහිව ආණ්ඩුව තුළ සිටින වෙනත් පක්‍ෂ හරහා පුළුල් විරෝධතාවයක් මතු කොට, එය හේතුවක් කර ගනිමින් මෙම උගුලෙන් ගැලවෙන ලෙස ඔවුන් ජනාධිපතිවරයාට උපදෙස් දී තිබේ.
තවද, උගත් පාඩම් කොමිසමට එරෙහි දේශීය ව්‍යාපෘතීන් චම්පික හා විමල් අමාත්‍යවරුන්ට පවරන ලෙස උපදෙස් දී ඇති එම පිරිස, ජාත්‍යන්තර ප‍්‍රචාරක කටයුතු සඳහා හිටපු අමාත්‍යවරුන් වන මිලින්ද මොරගොඩ මහතා සහ රෝහිත බෝගොල්ලාම මහතා පාවිච්චි කරන ලෙස යෝජනා කර තිබේ.
එසේම, උගත් පාඩම් කොමිසමට එරෙහිව විපක්‍ෂයේ ජනපි‍්‍රය දේශපාලනඥයින්ද යොදා ගන්නා ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශවලට පමණක් නොව, එම කොමිසම නියෝජනය කළ සමහර පුද්ගලයන්ට එරෙහිවද පුළුල් ප‍්‍රචාරක ව්‍යාපෘතියක්ද එම උපදේශකයින්ගේ යෝජනාවලට අනුව ඉදිරි දින කිහිපය තුළදී කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව, රාජ්‍යතාන්ත‍්‍රික සේවයේ ප‍්‍රවීණයින් වන පලියක්කාර මහතාටත්, රොහාන් පෙරේරා මහතාටත් එරෙහිව අවලාද ව්‍යාපාරයක් කි‍්‍රයාත්මකවීමට නියමිතය. ඔවුන් දෙදෙනා ජාත්‍යන්තර සංවිධානවල දීමනාවලින් යැපෙන පුද්ගලයන් බවටත්, එකී ජාත්‍යන්තර සංවිධානවල බලපෑමට යටත්ව ඔවුන් දෙදෙනා එම කොමිසන් සභාවේ නිර්දේශ ඉදිරිපත් කිරීමට බලපෑම් කර ඇති බවත් ප‍්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබේ.


Source : lankanewsweb.com

Share this article with your friends