මෙම නිලවරණය සඳහා ඡුන්දය ලබාදීමට සුදුසුකම් ලබා ඇති දිස්ත්‍රික් ක්‍රීඩා සංගම්වල සන්ධාන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පසුගිය 29වන දා කැදවාගෙන ඇති ජනාධිපතිවරයා, තමා නම්කරන පුද්ගලයින් දිනවීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.
එකි දිස්ත්‍රික් සංගම් නියෝජනය කරන මැතිඇමතිවරුන් නිලවරණයේදී ඡුන්දය පාවිච්චි කිරීම සඳහා ඔවුන්ගේ නියෝජිතයින් ලෙස වෙනත් පුද්ගලයින් නම්කර තිබූ හෙයින් වහාම ඡුන්ද හිමිනාමලේඛනය සංශෝධනය කොට මැතිඇමතිවරුන්ගේ නම් එක්කරන ලෙස ජනාධිපතිවරයා, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට නියෝග කර තිබේ.
තවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසින් ඉදිරිපත් කර තිබූ කණ්ඩායමේ සාමාජිකයින්ටද තම නාමයෝජනා ඉල්ලා අස්කරගන්නා ලෙස ජනාධිපතිවරයා ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධානියෙකු හරහා ඔවුන්ට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය සඳහා තිලංග සුමතිපාල මහතා නාමයෝජනා බාර දීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහුට නාමායෝජනා ඉදිරිපත් නොකරන ලෙස ද ජනාධිපතිවරයා, අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මගින් සුමතිපාල මහතාට දැනුම් දී තිබිණ.
කෙසේ වුවද ඒ වනවිටත් තිලංග සුමතිපාල මහතාගේ කණ්ඩායමේ කීපදෙනකු නිලවරණය සඳහා නාමයෝජනා බාරදී තිබිණ. නාම යෝජනා ඉල්ලා අස්කරගන්නා ලෙස ජනාධිපතිවරයා බලපෑම් කොට ඇත්තේ එකී පිරිසටය.
ඒ අනුව තිලංග සුමතිපාල මහතාගේ කණ්ඩායම නියෝජන කරමින් තනතුරු සඳහා නාමයෝජනා බාර දුන් පුද්ගලයින් හෙට (02) එම නාමයෝජනා ඉල්ලා අස්කර ගැනීමට නියමිතය.
මේ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඉල්ලීම මත, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලතල සඳහා සුදුසු පුද්ගලයින් තෝරා ගැනීමට නිලවරණයක් කැදවා ඇතත්, එය මේ වනවිට පැහැදිලිවම ජනාධිපතිවරයා විසින් පත් කරන අතුරු කමිටුවක තත්ත්වයට පත්වී තිබේ.
උපාලි ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙසත්, නිශාන්ත රණතුංග මහතා එහි ලේකම් ලෙසත් නිතරගයෙන් තෝරාපත් කර ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබේ. තිලංග සුමතිපාල මහතාගේ බලපෑම් මත රහස් ඡන්දයකදී උපාලි ධර්මදාස මහතාත්, නිශාන්ත රණතුංග මහතාත් පරාජය විය හැකි බවට ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්රයේ උපදේශකයින් අනතුරු අඟවා තිබීම මෙම තීරණවලට හේතු වී ඇත.
අවසන් යාවත්කාලීන කිරීම 2012 ජනවාරි 01 වෙනි ඉරිදා, 18:49
Source : lankanewsweb.com