Chitika Smowtion 468x60


Monday, February 13, 2012

අධි බලැති විදුලි රැහනේ එල්ලී දිවි නසාගැනීමට උත්සාහ දැරු තරුණයා


දෙනියාය හරහා ගාල්ලට විදුලිය ගෙනියන වෝල්ට් එක් ලක්ෂ තිස් දෙදහසක විදුලි රැහැනක එල්ලී සියදිවි නසා ගැනීමට උත්සාහ කල තරුණයෙක් පිලිබඳ පුවතක් පසුගියදා දෙනියාය මොරවක ප්‍රදේශයෙන් වාර්තා වුනා.

ඒ අනුව බිමත්ව සිටි තිස් දෙහැවිරිදි සනත් නම් තරුණයා සිය දිවි නසාගැනීමේ අරමුණෙන් විදුලි කණුවේ ඉහලටම නැග ඉහල කම්බියේ එල්ලුනත් ඔහුට විදුලිසර වැදුනේ නැත්තේ එම කම්බියේ විදුලිය ගමන් නොකරන නිසාවෙනි.

ඒ හේතුවෙන් කම්බියේ එල්ලී පැද්දී පැද්දී සිටීමට ඔහුට සිදුවිය.අනතුරුව මොරවක පොලිසිය මැදිහත් වී ඔහු බිමට ගෙන ඇත.

ඔහුගේ බිරිඳ මොරවක පොලිසියට හෙලිකල පරිදි මොහු මෙයට පෙරද සියදිවි නසාගැනීමට උත්සාහ කොට ඇත.

කණුවෙන් බිමට බැසීමෙන් අනතුරුව පොලිසිය ඔහුට විරුද්ධව පැමිණිල්ලක් ගොනුකළ අතර මෙම හේතුව නිසා පැය බාගයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවූ නිසා විදුලි බල මණ්ඩලය විසින්ද මොහුට එරෙහිව පැමිණිල්ලක් පොලිසියට ගොනුකොට ඇත.

ඔහු සියදිවි නසාගැනීමට උත්සාහ කල අයුරු දැක්වෙන වීඩියෝව පහතින් බලන්න 




විස්තර හා වීඩියෝව : ප්‍රියංක ගමගේ 





Source: http://www.gossip9.com/2012/02/blog-post_1314.html#ixzz1mGyKFB3y

Share this article with your friends