පෙර තිබූ මිළ ගනන් යටතේ වුවද ජනතාව තම රැකියාවෙි කටයුතු කරගනු ලැබූවේ ඉතා දැඩි අසීරුවෙන් වන අතර ධීවරයාද තත්වය පාලනය කරගනිමින් නිහ`ඩව කර්මාන්තයේ නියැලූනේ ගැට`ඵ නොතිබූ නිසා නොව කර කියා ගතහැකි දෙයක් නොවු බැවිනි. බස් සංගම් විසින්ද බස් ගාස්තූ වැඩි කිරීමේ අවශ්‍යතාව කිහිප විටක්ම ප්‍රකාශයට පත්කලත් තත්වය පිළිබඳ මධ්‍යස්ථව සලකා විරෝධතාවන් සඳහා පියවරයන් ගනු නොලැබින.
පෙට්‍රල් මිල රුපියල් 12කින්ද, ඩීසල් මිල රුපියල් 31කින්ද, භූමිතෙල් මිල රුපියල් 35 කින්ද ඉහල දමමින් ඉතිහාසයේ සිදුකල ඉහලම මිල වැඩිකිරීම ආශ්චර්යයක්ම වී ඇත මෙම මිල වැඩිකිරීම තව දුරටත් දරා ගැනීමට ධීවර කාර්මිකයාට ඇති නොහැකියාව හා එමගින් ඔවුන් පත්වී ඇති අසීරු තත්වය තුල මේ වනවිට මුහුදු බඩ කලාපය තුල ඉතා නොසන්සුන් කාරී තත්වයක් ගොඩ නැගී ඇති අතර ගමනා ගමන මාර්ග සම්පූර්ණයෙන් අඩාලව ජනජීවිතය අවුලෙන් අවුලට පත්ව ඇත. පාසැල් දරුවන්ගේ අධ්‍යාපණ කටයුතූද සැලකිය යුතූ මටිටමකට අඩාලවී ඇති බව කීම අතිශෝක්තියක් නොවෙි
පිටත එන්ජින් සවිකල යාත්‍රාවක, එක් දින ධීවර කර්මාන්තයේ නියැලනේනෙකුගේ දෛනික භූමිතෙල් අවශ්‍යතාව ලීටර 70ත් 80ත් අතර වන අතර රුපියල් 35ක මිල වැඩිවීම යටතේ තෙල් ලීටර 70ක් සඳහා වැඩිවන මුදල රුපියල් 2450කි මෙයට අමතරව මෙම තෙල් ප්‍රමානය සඳහා යොදන ලිහිසි තෙල් සඳහා රුපියල් 980ක් පමණද, එන්ජිම පනගැන්වීම සඳහා අවශ්‍ය පෙට්‍රල් ලීටර 3ක් සඳහා රුපියල් 447ක්ද ලෙස වැය කිරිමට ධීවරයාට සිදුවේ. ඒ අනුව එක් දිනක ධීවර මෙහෙයුමකට රුපියල් 9450ක් අවම වශයෙන් වැය කිරීමට සිදුවී ඇත.
බහුදින ධීවර බෝට්ටුවක් දින 25ක සංචාරය සඳහා ඩීසල් ලීටර 5000ක් පමණ භාවිතා කරන අතර රුපියල් 31 ක් බැගින් ලිටර් 5000 කට රුපියල් 155000කින් මිල ඉහල යයි.
මෙයට අමතරව අවශ්‍ය අයිස් සඳහා එකතුවෙන මිල ගණන් මෙන්ම මසුන් ගොඩබිමදී කරන ප්‍රවාහන කටයුතු වලින් අනතුරුව පාරිභෝගිකයා අතට පත්වන මසුන් හට ගෙවීමට සිදුවන මිල දරාගත නොහැකි ඉතා ඉහල අගයක් වනු ඇත.
තෙල් මිල ඉහල නැංවීම පිළිබඳ රජය කරන ප්‍රකාශයන් දැඩි විරෝධතාවයකින් යුතුව බැහැර කරනු ලබන ඔවුන් කියා සිටින්නේ තමන් හට අවශ්‍ය වන්නේ ඉන්දන සහනාධාරයක් නොව පෙර තිබූ මිලටම ඉන්දන තමන්වෙත ලබාදෙන ලෙසයි.
ලෝක ආර්ථීක අර්බුදයක් ගැන දෙස් තබමින් ජනතාව මත බර පටවනවා වෙනුවට, රටේ ඉන්දන මිල මත පවතින බදු ප්‍රමානයන් සංශෝධනය කරමින් ජනතාවට දරාගත හැකි මට්ටමින් තෙල් මිල පවත්වාගෙන යාමට පියවර නොගන්නේ මන්දැයි ධීවර හා සිය`ඵම පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය බලධාරීන් ගෙන් ප්‍රශ්ණ කර සිටිමු.
සුරංගනා ලොවක් මවමින් ජනතාවගේ ප්‍රශ්ණ අමතක කිරීමට සිදුකරන සන්දර්ශණ නවතා දූශණයන් අවම කරමින්, යහ පාලනයක් ස්ථාපිත කර ජනතාවට සහන ලබාදෙන ලෙස අද පෙබරවාරි 13 දින මීගමුවට රැස්වූ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මෙහෙයුමි කමිටුව සමස්ථ ජනතාව වෙනුවෙන් අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු,