මීට පෙරද නගරසභාව නියෝජනය කර ඇති රෝයි බෝගහවත්ත මහතා බරපතල වංචනික කි‍්‍රයා සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකි.
රෝයි බෝගහවත්ත මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී 'ඩුආ' පක්ෂයෙන් තරග කොට නාගරික මන්ත්‍රීවරයකු ලෙස පත් වී මහනගර සභාවේ විපක්ෂය සමඟ සන්ධාන ගත විය. මේවනවිට නගර සභාවේ විපක්ෂ පාලනය කරන්නේ මොහු විසින් බව පසුගිය සති අන්තයේදී පැහැදිලිව හෙළිදරව් විය.
කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරුන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පසුගිය සතිඅන්තයේ කණ්ඩලම හෝටලයේ විශේෂ වැඩමුළුවක් සංවිධානය කර තිබූ අතර එය අතරමැද කඩාකප්පල් කර දමා කොළඹ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් එම සම්මන්ත්‍රණයෙන් ඇදගෙන යෑමට මොහු කටයුතු කර ඇත.
මෙම වැඩමුළුව සඳහා කොළඹ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සිකුරාදා රාත්‍රියේ කණ්ඩලම හෝටලටය පැමිණ නවාතැන් ගෙන තිබේ. එහෙත් නගර සභාවේ විපක්ෂ නායක මිලින්ද මොරගොඩ මහතාත්, නියෝජ්‍ය නායක මොහොමඩ් මහරුක් මහතාත්, විපක්ෂයේ සංවිධායක මන්සිල් මහතාත් මෙම වැඩමුළුවට සහභාගිවී නැත.
සෙනසුරාදා උදැසන මෙම වැඩමුළුව ආරම්භයේදී කීර්තිමත් සිවිල් නිලධාරියෙකුව සිටි බැඩ්මන් වීරකෝන් මහතා, 'රාජ්‍ය නායකයින් සමඟ අත්දැකීම්' යන මාතෘකාව යටතේ මෙතෙක් අනාවරණය නොවූ කරුණු රාශියක් හෙළිදරව් කරමින් ඔහුගේ දේශණය පවත්වා තිබේ. එහිදී ඔහු ඩඩ්ලි සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ෙජ්.ආර්. ජයවර්ධන හා ආර්. ප්‍රේමදාස යන රාජ්‍ය නායකයින්ගේ රාජ්‍ය පරිපාලන භාවිතාව තමන්ගේ පෞද්ගලික අත්දැකීම් ආශ්‍රයේ විග්රහ කර ඇත.
මෙහිදී වත්මන් රාජ්‍ය නායක මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකළේ යැයි පවසමින්, විපක්ෂ මන්ත්‍රී මහින්ද කහඳගම මහතා විරෝධය ඵල කර ඇත. කොළඹ නගර සභාවේ කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය වහා ඉදිරිපත් වී එම මොහොතේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සමතයකට පත් කිරීමට කටයුතු කර ඇත. බැඩ්මන් වීරකෝන් මහතා වැනි රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ විශේෂඥයකු මෙවැනි දේශනයකට සහභාගිකරවා ගැනීමට ලැබීම මන්ත්‍රීවරුන්ට ලැබුණු විශේෂ වරප්‍රසාදයක් බව සඳහන් කර ඇති ඇය, සිදු වූ අපහසුතාවය පිළිබඳ බැඩ්මන් වීරකෝන් මහතාගෙන් සමාව ඉල්ලා තිබේ.
අනතුරුව, නගර සභා ආඥා පනත පිළිබඳව හිටපු නාගරික කොමසාරිස්වරයකු වූ නීතිඥ ගාමිණී චන්ද්‍රසේන මහතා කරුණු පැහැදිලි කර තිබේ. කොළඹ නගර සභාවේ මුදල් කමිටුවේ බලය විපක්ෂය වෙත යෑම තුළ මතු විය හැකි අර්බුද සම්බන්ධයෙන් මන්ත්‍රීවරයකු කළ විමසීමේදී, චන්ද්‍රසේන මහතා පවසා ඇත්තේ නගරසභා ආඥා පනත යටතේ මුදල් සම්බන්ධ කටයුතුවල පූර්ණ බලතල ඇත්තේ නගර සභාවේ මහ සභාවට බවයි. මුදල් කාරක සභාවේ යෝජනා ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න අනුමත කරන්නේ මහසභාව විසින් බවත් මුදල් කාරක සභාවට එවැනි බලයක් නොමැත බවත් ඔහු අවධාරණය කර තිබේ.
පසුගිය නගර සභාවේ විසුරුවා හැරිමේදී සභාවේ මන්ත්‍රීවරුන් 53දෙනාම වැරදිකරුවන් වී ඇතැයි නීතිඥ ගාමිණී චන්ද්‍රසේන මහතා පවසා තිබේ. එහි දී නැගී සිට ඇති විපක්ෂ මන්ත්‍රී ටෝනි රම්සි මහතා තමාත් වාසුදේව නානායක්කාර මහතාත් එම චෝදනාවලින් නිදහස් වී ඇතැයි පවසා ඇත. එහෙත් චන්ද්‍රසේන මහතා පවසා ඇත්තේ, කිසිවෙකු හෝ නිවැරදිනම්, තම නිදොස් බාවය සනාත කිරීම සඳහා මීට පෙර අවස්ථාව තිබූ බවය.
මෙයින් කෝපයට පත් වී ඇති ටෝනි රම්සි මහතා තමාව හොරෙකු ලෙස මෙහිදී ප්‍රකාශ වූ බව සඳහන් කරමින් දැඩි විරෝධතාවයක් පලකර ඇත. එම විරෝධතාවය හමුවේ දිවා ආහාරය සඳහා සාකච්ඡාව නැවැත්වීමට කොළඹ නාගරික කොමසාරිස්වරිය කටයුතු කර ඇත.
අනතුරුව කොළඹ විපක්ෂ කණ්ඩායම වහා රැස්කර ඇති රෝයි බෝගහවත්ත මන්ත්‍රීවරයා මෙම වැඩමුළුව වර්ජනය කොට යළි කොළඹ යා යුතු බවට යෝජනා කර ඇත. විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් කොන්ග්රස් මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම වැඩමුළුවේ වැදගත්කම සඳහන් කරමින් බෝගහවත්ත මන්ත්‍රීවරයාගේ යෝජනාවට එරෙහි වී තිබේ. එහෙත් බෝගහවත්ත මන්ත්‍රීවරයාගේ මැදිහත්වීම මත ආණ්ඩුවේ ඉහළ නිලධාරියෙකුගෙන් ලැබුණු නියෝගයක් නිසා වැඩමුළුව වර්ජනය කොට යළි කොළඹ බලා ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්තී‍්‍රවරුන් සිදුවී තිබේ.
Source - lankanewsweb.com