Chitika Smowtion 468x60


Monday, February 13, 2012

ෂේනුකාගේ කැරුට්ටුව අමුණුගම ජනපතිට කියා දෙයි


විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ෂේනුකා සෙනවිරත්න මහත්මිය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් නොවූ කරුණු රැසක් එම අමාත්‍යාංශයේ ලේකම් තිලක් කරුණාරත්න අමුණුගම මහතා විසින් ජනාධිපතිවරයා වෙත අනාවරණය කර තිබේ.
ජනාධිපතිවරයා සමඟ පකිස්තාන් සංචාරයට එක් වූ අමාත්‍යාංශ ලේකම්වරයා, පෙරේදා උදැසන ජනාධිපතිවරයා නවාතැන් ගෙන සිටි කාමරයට ගොස් ෂේනුකා මහත්මියගෙන් වංචා දූෂණ රැසක් මෙන්ම ඇයගේ ඉතිහාස ක්‍රියාකාරිත්‍රය ජනාධිපතිවරයා වෙත පැහැදිලි කර ඇත.

ෂේනුකා සෙනවිරත්න මහත්මිය එක්සත් ජාතික පක්ෂයට හිතවත් අයෙකු බව සඳහන් කර ඇති අමුණුගම මහතා, ඇය විදේශ අමාත්‍යාංශයට බඳවාගෙන ඇත්තේ හිටපු විදේශ අමාත්‍ය ඒ.එච්.එම්. හමීඩ් මහතා විසින් බවත්, ඊට පෙර ඇය හමීඩ් මහතාගේ සුරතලියක ලෙස ඔහුගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ සේවය කර ඇති බවත් පවසා ඇත. හමීඩ් ඇමතිවරයාට ෂේනුකා හඳුන්වා දී ඇත්තේ, මාධ්‍යවේදී මනික් සිල්වා විසින් බවත් ඇය අමාත්‍යාංශයේ කටයුතු කළ කාලය පුරාම එක්සත් ජාතික පක්ෂයට හිතවත්ව කටයුතු කර ඇති බවත් අමත්‍යාංශ ලේකම්වරයා පවසා තිබේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති ධූරයට පත් වූ පසු ඇයට සමීපව කටයුතු කළ ෂේනුකා මහත්මිය ලන්ඩනයේ මහකොමසාරිස්ව සිටියදී බරපතළ වංචා දූෂණ සිදුකොට ඇති බවත් ජනාධිපතිවරයාට කරුණු සහිතව පැහැදිලි කොට ඇති අමුණුගම මහතා, හමුදාව එල්ටීටීඊයට එරෙහිව තීරණාත්මක යුද මෙහෙයුම් ක්‍රියාත්මක කළ වකවානුවේ පවා, ෂේනුකා මහත්මියගේ සැමියා එල්ටීටීඊයට හිතවත් ව්‍යාපාරිකයින් සමඟ ගනුදෙනු කළ බව පවසා ඇත.
ෂේනුකා මහත්මිය කලක් ලන්ඩනයේ මැක්ඩොනල් අවන්හලක සේවිකාවක් ලෙස කටයුතු කර ඇති බවද අමුණුගම මහතා ජනාධිපතිවරයාට පවසා තිබේ. අමුණුගම මහතාගේ සියලූ තොරතුරු සාවදානව ඇහුම්කන්දී ඇති ජනාධිපතිවරයා ඒ සියලූ තොරතුරු තමා දන්නා බවත්, තමා ෂේනුකාව යළි ලංකාවට ගෙන්වා ගත්තේ ඒ නිසා බවත් සඳහන් කර තිබේ. කිසිදු විටක ෂේනුකාට අවශ්‍ය පරිදි විදේශ අමාත්‍යාංශය තුළ කටයුතු කිරීමට ඉඩනොතබන්නැයිද ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අමුණුගම මහතාත්, අතිරේක ලේකම් ෂේනුකා සෙනවිරත්න මහත්මියත් අතර පවතින බරපතළ අභ්‍යන්තර ගැටීම හේතුවෙන් මේවනවිට එම අමාත්‍යාංශයේ සේවක පිරිස් පැහැදිලිව දෙපිලකට ඛෙදී ඇති අතර, අමාත්‍යාංශයේ කටයුතුද අඩාල වී තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends