Chitika Smowtion 468x60


Tuesday, March 6, 2012

සවුදියේ ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයින්ගේ රක්ෂණයෙන් ඩිලාන්ට කොමිස්


සවුදි අරාබියේ ගෘහස්ථ සේවයේ කටයුතු කරන ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයින් රක්ෂණය කිරිමේ වගකීම පෞද්ගලික ආයතනයක් වෙත පවරා, විෂයභාර අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා එම රක්ෂණයට දායකවන සෑම ශ‍්‍රමිකයෙකුම ලබාදෙන මුදලින් ඇමෙරිකානු ඩොලර් 100 බැගින් කොමිස් වශයෙන් ලබාගැනීමට කටයුතු කර ඇති බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙතෙක් මැදපෙරදිග යන ශ‍්‍රී ලාංකිකයින්ගේ රක්ෂණ කටයුතු සිදුකරනු ලැබුවේ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගිනි. එහෙත් සවුදි අරාබියේ රක්ෂණ සමාගමක දේශීය නියෝජිතයා වූ ISSP (International Social Security Programmer) නැමති ආයතනයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතා රක්ෂණ කටයුතු පවරා ඇත්තේ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාගේ උපදෙස් මතය.

මෙම පෞද්ගලික සමාගමට ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයින්ගෙන් අයකරගන්නා මුදල් එරට තුළ තැන්පත් කෙරෙන අතර ඒ නිසා විදේශීය මුදල් ලෙස මෙරටට හිමිවිය යුතු රුපියල් මිලියන 9600 ක මුදලක් අහිමිවි ගොස් තිබේ. මෙම රක්ෂණය සඳහා ශ‍්‍රී ලංකා සෑම ශ‍්‍රමිකයෙකු වෙනුවෙන්ම අදාල හාම්පුතුන් ඇමරිකානු ඩොලර් 200 ක මුදලක් එම රක්ෂණ සමාගමට ගෙවනු ලබයි.

මෙම රක්ෂණ ක‍්‍රමයට බඳවා ගනුලබන විදෙස් ශ‍්‍රමිකයින් ISSP ආයතනයේ ලියාපදිංචි වී සිටිය යුතුය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් ක‍්‍රියාත්මක කළ මෙම රක්ෂණ ක‍්‍රමය ISSP ආයතනයට පවරාදීම තුළ එයට දායකවන සෑම ශ‍්‍රමිකයෙකුගෙන්ම ඩොලර් 100 ක මුදලක් ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාට ලැබෙන බව විදෙස් රැුකියා නියෝජිත ආයතනය වන ‘ඇල්සියා‘ ක‍්‍රියාකාරිකයෙකු අප වෙත පැවසීය.

එසේ රක්ෂණයට එක්වන සෑම ශ‍්‍රමිකයෙකුගෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතා වෙතත්, ඩිලාන් අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සෝමසුන්දර මහතා වෙතත් ‘ඇල්සියා’ ආයතනය වෙතත් කොමිස් මුදලක් හිමිවන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ඩිලාන් පෙරේරා ඇමතිවරයා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති එක්ව සවුදියේ ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයින් කොල්ලකමින් ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා මෙතෙක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හෝ ලබාගෙන නොමැත.


Source - lankanewsweb.com

Share this article with your friends