Chitika Smowtion 468x60


Tuesday, March 6, 2012

අලගියවන්න අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නියෝගයක්


‘ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ’ හිටපු කැඳවුම්කරු කුමාර අලගියවන්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට සහ රාජ්‍ය බුද්ධි සේවයට (SIS) නියෝග කර ඇතැයි වාර්තා වේ.
මෙම නියෝගයේ ලිඛිත පිටපත් ඊයේ වනවිට මෙම අදාල දෙපාර්තමේන්තු කරා ලැබී තිබුණ අතර එම ලිඛිත පිටපතේ වැඩිදුරටත් සඳහන් කොට තිබුණේ රජය පෙරලීමට කුමන්ත‍්‍රනය කිරීමේ චෝදනාව යටතේ අලගියවන්න මහතාව අත්අඩංගුවට ගතයුතු බවයි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අලගියවන්න මහතාව අත්අඩංගුවට ගෙන ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා පොලිස් පරීක්ෂකවරයෙක් ඒ සඳහා අනුයුක්ත කොට ඇති අතර ඉදිරි දින කිහිපය තුළ අලගියවන්න මහතාව අත්අඩංගුවට ගැනීමට මෙම පොලිස් පරීක්ෂකවරයාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් මේ වනවිට කටයුතු කරමින් සිටී.



Source - lankanewsweb.com

Share this article with your friends