හෙළ උරුමය ඇතුළු බොහෝ බෞද්ධ සංවිධාන වලින් මෙම ගීතයට දැඩි විරෝධයක් නැගුන අතර එයට ප්‍රතිචාර දැක්වූ සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා සහ වැඩ බලන ජනාමධ්යය හා ප්‍රවෘති අමත්‍යවරයා අනුර ප්‍රියදර්ශන යාපා මහතාද එකතුව දැනට පවතින ප්‍රසිද්ධ රැඟුම් පාලක පනත අහෝසි කොට නව පනතක් හදුන්වා දීමටත් මාධ්‍යය වල ප්‍රචාරය වන ටෙලි නාට්‍යය වෙළඳ දැන්වීම් ගීත සහ රුප රචනා ප්රසාංගික වැඩසටහන්ද නව රැඟුම් පාලක මණ්ඩලයට ඇතුලත් කරන ලෙසය.
නමුත් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයේදී ප්‍රතික්ෂේප වී තිබේ.එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ ගීතයට තහංචි දැමිය නොහැකි බවත් කිසියම් ගීතයක් පිළිබඳව ගැටළුවක් මතුවූ අවස්ථාවේදී පමණක් ඒ ගැන සොයා බලන ලෙසත්ය.