විදෙස්හි ශ්‍රී ලංකා තනාපති කාර්යාලයක නිලධාරීන් කිහිපදෙනෙකු හමුවේ පීරිස් අමාත්‍යවරයා දැඩි කනස්සලකින් යුතුව ඒ බව පවසා ඇත.
තමා විදේශ කටයුතු ඇමතිවරයා වුවද ජනාධිපතිවරයා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාව ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකයා ලෙස පත්කරමින් තමාව හෑල්ලූවට ලක්කල බවත් සඳහන් කොට ඇති පීරිස් මහතා, මීට වසර කිහිපයකට පෙර කොළඹ ඔබරෝයි හෝටලයේ වේටර්වරයෙකු ලෙස කටයුතු කළ මහින්ද සමරසිංහ මහතාව එකල බොහෝ දෙනෙකු හැදින්වූයේ ‘පිස්සු මයිකල්’ නමින් බවත්, එකල තමාට සර් කියා ඇමතූ අයෙකු තමාගේ නායකයා ලෙස නම්කිරීම ජනාධිපතිවරයා තමාව හෑල්ලූකිරීමට උවමනාවෙන්ම සිදුකරන ලද්දක් බවත් පවසා ඇත.
මහින්ද සමරසිංහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාට ගැසට් පත්‍රයකින් හෝ මානව හිමිකම් ක්ෂේත්රයට අදාල වගකීමක් පවරා නොතිබීම නිසා ජිනීවා සමුලූවට පැමිණි විදෙස් නියෝජිතයින් ඔහුව ගණන් නොගත් බවත් පිරීස් මහතා පවසා තිබේ.
තවද ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමරා කුලනායගම් මහත්මියගේ හිතුවක්කාරී ක්රියාකළාපයන්ද ශ්‍රී ලංකාවට අහිතකර ලෙස බලපා ඇතැයි පීරිස් අමාත්‍යවරයා පැහැඳිලි කර තිබේ. තමරා කුලනායගම් මහත්මියගේ මානසික තත්ත්වය යහපත් නොවන බවට වූ වෛද්‍ය වාර්තාවක් මත ඇය මීට පෙර රැකියාවෙන් ඉවත් කළ තැනැත්තියක් බවද පවසා ඇති පීරිස් මහතා, ජිනීවා සමුළුවේ වගකීම් රාශියක් රටවෙනුවෙන් පවරා ඇත්තේ එවැනි මානසික ආබාධයකින් පසුවන අයෙකුට බවද පවසා ඇත. තමරා කුලනායගම් සම්බන්ධයෙන් තමා කිහිපවරක් ජනාධිපතිවරයා වෙත දැනුම්දෙනු ලැබූවද ජනාධිපතිවරයා එය මායිම් නොකල බවත්, එකල සාමාන්‍ය විපක්ෂ මන්ත්රීවරයෙකුව සිටි මහින්ද රාජපක්ෂ මහතා එකල ජිනීවා ගිය අවස්ථාවලදී නවාතැන් ගෙන ඇත්තේ ඇයගේ නිවසේ වීමත් එයට හේතුව බවද ඇමතිවරයා සඳහන් කර ඇත.
කෙසේ වුවද ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය හමුවී සාකච්ඡුා කළේනම් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වීම වලක්වා ගතහැකිව තිබූ බව පීරිස් මහතාගේ අදහස වී තිබේ. මේ පිළිබදව සාකච්ඡා කිරීමට වොෂින්ටන් නුවරට පැමිණෙන ලෙස ක්ලින්ටන් මහත්මිය තමාගෙන් ඉල්ලීමක් කර තිබුණද එයට නොයන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවත් එම තත්ත්වය මත මෙම ගැටලූව මේ වනවිට සංකීර්ණ වී ඇති බවත් ඇමතිවරයා පැහැදිලි කර තිබේ.
අඩුම තරමින් ජිනීවා සමුලූවට ඉදිරිපත්ව ඇති යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇමරිකාවේ ජනාධිපතිවරයාට හෝ රාජ්‍ය ලේකම්වරියට දුරකථනයෙන් හෝ කතාකර ගැටලූව සමතයකට පත්කරගැනීමට උත්සාහ දරා නැතිබවත්, තමාටද ඇමරිකානු නිලධාරීන් සමග සාකච්ඡා නොකරන ලෙස උපදෙස් දී ඇති බවත්, සඳහන් කර ඇති විදේශ අමාත්‍යවරයා, ජනාධිපතිවරයාගේ මෙවැනි මුරන්ඩු තීන්දුවලින් ජාත්‍යන්තර ගැටලූ විසඳිය නොහැකි බව වැඩිදුරටත් පවසා තිබේ.
Source - lankanewsweb.com