දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට තවත් මාස තුනක නිවාඩු ලබාදීමේ යෝජනාව සම්බන්ධයෙන් සභානායකවරයා සහ තවත් ඇමතිවරු කිහිප දෙනෙකු අතර පැවති සංවාදයකදී මෙම කරුණු අනාවරනය වී තිබේ.
දුමින්ද සිල්වා සහ කෙහෙලිය රඹුක්වැල්ල යන මන්ත‍්‍රීවරුන්ට මාස තුනක නිවාඩු අනුමත කිරීමේ යෝජනාව අද පස්වරුවට යොදාගෙන ඇති බව ජනාධිපතිවරයා වෙත වාර්තාවීමත් සමග ඔහු කතානායකවරයාට දුරකථන ඇමතුමක් ලබාදී වහාම එම යෝජනාව පෙරවරුවේ ඉදිරිපත් කරන්නැයි දැනුම්දී තිබේ. කතානායකවරයා, පාර්ලිමේන්තු සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ තවත් ඇමතිවරුන් කිහිපදෙනෙකුට කතාකොට ජනාධිපතිවරයාගේ අදහස පැහැදිලි කර දී ඇත.
දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට නිවාඩු අනුමත කිරීමේ යෝජනාව අද ගෙනඑන්නේ අවසාන වතාවට බවත්, ඔහුට යථාපරිදි කටයුතු කිරීමට යහපත් මානසිකත්වයක් නොමැති බවට ලගදීම විශේෂඥ වෛද්‍ය වාර්තාවක් පාර්ලිමේන්තුවට යොමුකොට ඔහුව පාර්ලිමේන්තුවෙන් ඉවත්කරන බව ජනාධිපතිවරයා තමාට පැවසූයේයැයි කතානායකවරයා ඇමතිවරුන්ට සඳහන් කර ඇත.
එසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශේෂඥ වෛද්‍ය වාර්තාවත් පාර්ලිමේන්තුවේ නිර්දේශයත් අධිකරනය වෙත දන්වා දුමින්ද සිල්වා මහතාට එරෙහිව නඩු පවත්වාගෙන යෑමට තරම් මානසිකත්වයක ඔහු නොසිටින බව හඟවා භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුලූ සිව් දෙනෙකු ඝාතනය කිරීමේ නඩුවෙන් දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා ඉවත් කිරීමටත් ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිටින බවද කතානායකවරයා මෙහිදී පවසා ඇත.
භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුලූ සිව්දෙනෙකු ඝාතනයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට සිදුකර තිබෙන පරීක්ෂණවලට අනුව දුමින්ද මන්ත‍්‍රීවරයාට වෙඩිතබා ඇත්තේ භාරත විසින් බවට තහවුරුවී ඇතැයි ජනාධිපතිවරයා තමාට පැවසූ බවද කතානායකවරයා ඇමතිවරුන් පිරිසට පවසා තිබේ.
කෙසේ වුවද දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට තවත් මාස තුනක නිවාඩු අනුමත කිරීමේ යෝජනාව සභානායක නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු කිසිවෙකු එයට එරෙහි නොවූ අතර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පමණක් එයට විරෝධය පළකළේය. වරෙන්තු ලබාසිටින පුද්ගලයෙකුට මෙලෙස නිවාඩු ලබාදීම ගැටලූකාරී බව ඔහුගේ අදහස විය.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් එම යෝජනාවට එරෙහිව කිසිදු වචනයක් හෝ කතානොකලේ දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ සොයුරු, හිරු ගුවන් විදුලි නාලිකාවේ අයිතිකරු රේනෝද සිල්වා මහතාගේ ඉල්ලීමක් මත බව අප වෙත වාර්තා වේ.
Source - lankanewsweb.com