Chitika Smowtion 468x60


Saturday, March 10, 2012

උගත් පාඩම් කමිටු සාමාජිකයින්ට මඩ ප‍්‍රහාරයක් !


උගත් පාඩම් කොමිසමේ නිර්දේශ රටපාවාදීමේ කුමන්ත‍්‍රනයක් බවටත්, එහි සාමාජිකයින් වූ රොහාන් පෙරේරා සහ පලිහක්කාර යන මහත්වරුන් ඇමරිකානු ඩොලර්වලට රට පාවා දී ඇති බවටත් වූ ප‍්‍රචාරයක් ඉදිරි දින කිහිපය තුලදී දියත් කිරීමට තීරණය වී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ජනාධිපතිවරයා විසින් එම ප‍්‍රචාරක ව්‍යාපෘතියට අනුමැතිය ලබාදී ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ යෝජනාවකට අනුවය.

උගත් පාඩම් කොමිසමට නිලබාවයක් දෙමින් එහි යෝජනා ක‍්‍රියාත්මක කරන ලෙස ඇමරිකාව විසින් සිදුකරන බලපෑම පරාජය කිරීම සඳහා උගත් පාඩම් කොමිසම පිළිබද ගොඩනැගී ඇති විශ්වාසනීයත්වය පළමුකොට පළදු කළ යුතු යැයි විමල් වීරවංශ අමාත්‍යවරයා පැහැදිලි කර තිබේ. 

වීරවංශ ඇමතිවරයාගේ අදහස පිලිගෙන ඇති ජනාධිපතිවරයා, පලිහක්කාර සහ රොෂාන් ප‍්‍රනාන්දු යන මහත්වරුන් මීට ඉහතදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍යතාන්ත‍්‍රික සේවයේ යෙදී සිටියදී පවා විදෙස් ඔත්තුසේවා සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සමග සමීප සබඳතා පවත්වා ඇති බවටත්, පලිහක්කාර මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු කළ පුද්ගලයෙකු බවත් එම ප‍්‍රචාරක මෙහෙයුම සම්බන්ධීකරනය කරන විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ට පවසා ඇත.

පලිහක්කාර සහ රොහාන් පෙරේරා යන මහත්වරුන් උගත් පාඩම් නිර්දේශ කෙටුම්පත් කොට ඇත්තේ ඇමෙරිකාවේ උවමනාව මත යැයි තමන් වෙත වාර්තා වී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

එම තත්ත්වය තුළ උගත් පාඩම් කොමිසමට එරෙහිව  සිංහල බෞද්ධ ජනතාව තුල මතයක් ගොඩනැගීම සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා යොදාගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කර ඇති වීරවංශ අමාත්‍යවරයා එහි ආරම්භයක් ලෙස පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගේ ප‍්‍රකාශයක් ලබාගැනීම සුදුසු බවත්, අනතුරුව මහනාහිමිවරුන්ගේ ප‍්‍රකාශ ලබාගැනිම වැදගත් බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

ඒ සඳහා වහාම ප‍්‍රවෘත්ති නිවේදනයක් සකසන්නැයි වීරවංශ අමාත්‍යවරයාට දැනුම්දී ඇති ජනාධිපතිවරයා එය එල්ලාවල හිමියන් හරහා ප‍්‍රකාශයට පත්කිරිමට කටයුතු කරන ලෙස රජයේ අතිරේක ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතාට උපදෙස් දී තිබේ.

එසේ ඉදිරි දින කිහිපය තුලදී මඩ ප‍්‍රහාරයට ලක්වීමට නියමිත පලිහක්කාර මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙසත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතයෙකු ලෙසත්, විදෙස් රටවල් ගණනාවක් ශ‍්‍රී ලංකා තානාපති ලෙසත් කටයුතු කර ඇති පළපුරුදු රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරියෙකි.

එසේම ප‍්‍රහාරයට ලක්වීමට නියමිත උගත් පාඩම් කොමිසමේ අනෙක් කමිටු සාමාජිකයා වන රොහාන් පෙරේරා මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති උපදේශක ලෙස වසර 30 කට වඩා කටයුතු කර ඇති රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරියෙකි.





Source - lankanewsweb.com

Share this article with your friends