Wednesday, March 7, 2012
ජනපතිගේ අපල දුරලීමට රටපුරා ‘අධිෂ්ඨාන පූජා’
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත එල්ලවී තිබෙන අපල උපද්‍රව දුරුකරලීම සඳහා අද (07) දිවයින පුරා ‘අධිෂ්ඨාන පූජා’ නමින් ආගමික වැඩසටහන් මාලාවක් රජය විසින් සංවිධානය කර තිබේ. ඇමරිකාව ඇතුලූ බටහිර රටවලින් එන බලපෑම්වලින් ආරක්ෂා වීම සඳහා මෙම අධිෂ්ඨාන පූජාව සංවිධානය කෙරෙන බව ප‍්‍රකාශ වුවද එහි සැබෑ අරමුන අපල උපද්‍රවවලින් ජනාධිපති බේරාගැනීම බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.
ජනාධිපතිවරයාගේ සෞඛ්‍යයට මෙන්ම දේශපාලන කටයුතුවලටද ඉදිරි කාලය තුළ බරපතල අපල උපද්‍රව එල්ලවිය හැකි බැවින් ඒවා සමනයට පත්කර ගැනීම සඳහා දිනපතා ආගමික වතාවත්වල යෙදෙන ලෙස ජනාධිපති ජෝතිෂ්‍ය උපදේශකයින්, ජනාධිපතිවරයාට අවවාද කර තිබේ.
Source - lankanewsweb.com
ජනපතිගේ අපල දුරලීමට රටපුරා ‘අධිෂ්ඨාන පූජා’
2012-03-07T17:36:00+05:30
Admiral