පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට යළි ක්‍රියාකාරි දේශපාලනයේ යෙදීමට නොහැකි බැවින් ඔහු වෙනුවට රත්මලාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක චන්දන කත්‍රිආරච්චි මහතා පත්කරන ලෙස එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමක් ජනාධිපතිවරයා විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
එම ඉල්ලීමෙන් කලබලයට පත්වී ඇති ජනාධිපතිවරයා, දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට තවත් මාස 3ක නිවාඩු ඉල්ලා ඔහුගේ කාර්ය මණ්ඩලයේ අයෙකු ලවා වහාම කතානායකවරයාට ලිපියක් යවන්නැයි නාමල් රාජපක්ෂ මහතාට ඊයේ පෙරවරුවේ දැනුම්දී තිබේ.
ඒ අනුව දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සම්බන්ධීකරන ලේකම් ශිරාන් නිශාන්ත වැලිවිටගොඩ මහතා ඊයේ පස්වරු 6 ට පමණ, දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට ඉදිරි මාස 3 තුල පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී විය නොහැකි බැවින් ඒ සඳහා නිවාඩු අනුමත කරදෙන ලෙස කතානායකවරයාට ලිපියක් භාරදී තිබේ. වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා විදෙස් රටක රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ මොලයට සිදුකෙරෙන ප්‍රතිකාර සඳහා වැඩිදුරටත් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගතයුතු බව එම රෝහලේ විශේෂඥ වෛiවරු නිර්දේශ කර ඇතැයිද එම ලිපියේ සඳහන් වේ.
ඒ අනුව දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට නිවාඩු අනුමත කිරීමේ යෝජනාව ලබන සිකුරාදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරිමට කතානායකවරයා තීරණය කර තිබේ. එසේ නිවාඩු අනුමත කරදීමට ජනාධිපතිවරයා කටයුතු කළද, ඔහු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග අද පස්වරුවේ ප්‍රකාශ කොට ඇත්තේ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ලඟදීම යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.
කෙසේ වුවද පසුගිය ඔක්තෝම්බර් 08 වනදා මුල්ලේරියාවේදී වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලැබ මේ වනවිට සිංගප්පූරුවේ ‘මව්න්ට් එලිසබෙත්’ රෝහලේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට යළි යථාතත්ත්වයෙන් කටයුතු කළ නොහැකි බව විශේෂඥ වෛද්‍යවරුන් ඉදිරිපත් කළ වාර්තා ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පසුගියදා දන්වා සිටියේය.
දුමින්ද සිල්වා මන්ත්‍රිවරයා වෙනුවට චන්දන කත්‍රිආරච්චි මහතා පත්කිරීමට කටයුතු කරන ලෙස මෛත්‍රීපාල ඇමතිවරයා, ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛiවරුන් විසින් අධිකරනය වෙත ලබාදී තිබූ වාර්තා සැලකිල්ලට ලක්කිරීමෙන් පසුව බව ශ්‍රී ල.නි.ප මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ සන්ධාන අපේක්ෂකයින් අතර පාර්ලිමේන්තුවට තේරී පත්වූ නොවූ අපේක්ෂකයින්ගෙන් වැඩිම මනාප ලබාසිටින්නේ චන්දන කත්‍රිආරච්චි මහතාය. ඉන් අනතුරුව වැඩිම මනාප ලබාගෙන ඇත්තේ හිටපු විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම මහතාය.
මේ වනවිට විදේශ කටයුතු අමාත්‍යාංශය ඉතා දුර්වල තත්ත්වයක පවතින බැවින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ පුරප්පාඩුව සඳහා රෝහිත බෝගොල්ලාගම පත්කිරීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සියලූ කටයුතු යොදා තිබුණද දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට මාස තුනක නිවාඩු අනුමත කිරීම තුළ ආරක්ෂක ලේකම්වරයාගේ ව්‍යාපෘතියද ඇණ හිට තිබේ.
එම තත්ත්වය යටතේ රෝහිත බෝගොල්ලාගම මහතාත්, කොළඹ නගරසභාවේ විපක්ෂ නායක මිලින්ද මොරගොඩ මහතාත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනඑන ලෙස ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. මිලින්ද මොරගොඩ මහතා එසේ පාර්ලිමේන්තුවට පත්කර කොළඹ නගරසභාවේ විපක්ෂ නායකයා ලෙස මොහොමඞ් මහරුෆ් මහතා පත්කරන ලෙසද ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා තිබේ.
Source - lankanewsweb.com