මරණයට පත්වුයේ අනාරක්ෂිතව ලොරියේ පිටුපස ආ අයෙක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ දෙවන මාරක රිය අනතුර ඊයේ (06) දිනයේ වාර්තා වුනා.ඊයේ පස්වරු 1:30 පමණ සිදුවූ මෙම අනතුරින් මිය ගියේ වලස්මුල්ලේ පදිංචි කේ.ප්‍රේමචන්ද්‍ර නම් 56 හැවිරිදි පුද්ගලයෙක්.
වලස්මුල්ලේ සිට ධාවනය කල ලි පැටවූ ඩිමෝ බට්ටා වර්ගයේ ලොරිය අධිවේගී මාර්ගයට ඇතුලත් වී ඇත්තේ පින්නදුව පිවිසුමෙන් වන අතර කහතුඩුව ප්‍රදේශයේදී ඔවුන්ගේ ට්‍රක් රථයේ ටයරයක් පුපුරා ගැලවී විසිවී ඇත.
ඒ වනවිට ට්‍රක් රථයේ වේගය පැයට සැතපුම් 60 ක තිබී ඇති අතර රෝදය ගැලවී විසි වීම නිසා ලොරිය පැත්තකට ඇලවී ආරක්ෂක වැටේ වැදී පෙරලි තිබෙනවා.
මෙම අනතුර වනවිට රථයේ හතර දෙනෙක් ගමන්කොට ඇති අතර ඉන් තිදෙනෙක් වාහනයේ ඉදිරිපස ආරක්ෂක බඳපටි පැළඳගෙන ගමන්කර තිබෙනවා.නමුත් අනතුරෙන් මිය ගිය ප්‍රේමචන්ද්‍ර මහතා ගමන්කොට ඇත්තේ ලොරියේ ලි පැටවූ පසුපස කොටසේයි.ඒ හේතුවෙන් විසිවී ගිය ඒ මහතා මරණයට පත්ව තිබෙනවා.
අධිවේගී මාර්ගයේ පළමු මාරක රිය අනතුර සිදුවූයේද ආරක්ෂක බැඳ පටි පැළඳ නොසිටීම හේතුවෙන් එහි ගමන් ගත් තරුණයා එලියට විසිවී ගලක හිස වැදීමෙනි.
මෙම අනතුරේදී මතුවන ප්‍රධාන සැකය වන්නේ ට්‍රක් රථයේ පිටුපස අනාරක්ෂිතව පුද්ගලයෙකුට ගමන් කිරීමට අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටුව තුලින් ඉඩ ලබාදුන්නේ ඇයි ද යන්නයි.
මෙම ට්‍රක් රථයේ පිටුපස දැල් ආවරණයක් යොදා එයට කළු පැහැති ආවරණයක් යොදා තිබීම නිසා පිටුපස ගමන් කල පුද්ගලයා ඔවුන්ටනොපෙනුනා වීමටද හැකිය.
අනතුර සිදුවූ අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න
Source: http://www.gossip9.com/2012/03/blog-post_07.html#ixzz1oQnEcsaE