Chitika Smowtion 468x60


Wednesday, March 7, 2012

ඇමති පුතෙක් හොර පාරෙන් රාජ්‍ය පරිපාලන සේවයට


ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගේ ඥාති පුත‍්‍රයෙකු හා මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකුගේ දියණියක් රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් බඳවා ගැනීමේ කොන්දේසී උල්ලංඝනය කරමින් කටයුතු කරමින් සිටී.
ඒ අනුව මෙම දේශපාලන පත්වීම් දෙක සිදුකිරිම වෙනුවෙන්, ඔවුන් දෙදෙනාද ඇතුලූව බඳවා ගැනීම් සඳහා වූ විභාගයේදී අඩු ලකුණු ලැබූ 43 දෙනෙකුම රාජ්‍ය පරිපාලන සේවයේ III තනතුරට බඳවා ගැනීමට කටයුතු සිදුවෙමින් පවතී.

මෙම බඳවා ගැනීම්වලට කිසිදු පදනමක් නොමැති නිසාත්, ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ III පංතියේ පුරප්පාඩු නොමැති නිසාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙම පත්වීම් සිදුකිරීමට අනුමැතිය දී නොමැත. එම තත්ත්වය යටතේ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් හරහා මොවුන් බඳවා ගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සූදානම් වේ.

කෙසේ වුවද ජනාධිපතිවරයාගේ බලපෑම් මත ඇමති පුත‍්‍රයා හා මුදල් අමාත්‍යාංශයේ ප‍්‍රධානියෙකුගේ දියණිය පරිපාලන සේවයට බඳවා ගැනීම ‘නීත්‍යානුකූල’ කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විශේෂ වැඩපිලිවෙලක් සකසා තිබේ.

ඒ අනුව ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ 2000 කණ්ඩායමේ 144 දෙනෙකු 2010 ජුලි 01 වන දිනට I පංතියට උසස්වීම් ලැබුවායැයි සලකා ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ පුරප්පාඩු 322ක් ඇති බවට පුරෝකථනය කර ඇත.

ඒ අනුව එයින් 258 දෙනෙකු (80%) විවෘත තරග විභාගයකිනුත්, 64 දෙනෙකු (20%) සීමිත තරග විභාගයකිනුත් බඳවා ගැනීමට තීරණය කර ඇත.

විවෘත විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර 4 ට ලකුණු 400 ක්ද සම්මුඛ පරීක්ෂණයට ලකුණු 25 ක්ද ලැබේ. එයින් විවෘත කණ්ඩායමේ 258 දෙනා බඳවා ගැනීම සඳහා අවම ලකුණු ප‍්‍රමාණය 263 ක් වශයෙන් රාජ්‍ය සේවා කොමිසම තීරණය කර තිබේ.

නමුත් 263 ලකුනෙහි 25 දෙනෙකු සිටින බැවින් 261 දෙනෙකු බඳවා ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිසම අනුමැතිය දෙන ලදි. මෙම අය 2012-01-02 දින සේවයට බඳවා ගෙන ඇත. මෙම 261 න් 5 දෙනෙකු සේවයෙන් ඉවත්ව තිබේ.

එසේ වුවත් ඉහත සඳහන් පරිදි ජනාධිපතිවරයාගේ එල්ලවූ බලපෑම් හමුවේ 262 ලකුනෙහි සිටින 25 දෙනා සහ 261 ලකුනෙහි සිටින 18 දෙනෙකු වශයෙන් නැවත නිලධාරින් 43 දෙනෙකු බඳවා ගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සූදානම් වේ.

විශ‍්‍රාම යාමේ වයසද පසුකොට ඇති රාජ්‍ය පරිපාලන ලේකම්වරයා තමන්ගේ සේවා කාලය වයස අවුරුදු 60 න් ඔබ්බට දික්කර ගැනීම සඳහා මෙසේ රාජ්‍ය පරිපාලන සේවයේ බඳවා ගැනීම් පටිපාටිය උල්ලංඝනය කරමින් කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.



Source - lankanewsweb.com

Share this article with your friends