ද ෆිනෑන්ස් ආයතනය සතු කොටස් අයථා පරිහරණය සහ ඉඩම් සම්බන්ධ අයථා ගනුදෙනුද මර්චන්ට් බැංකුවේ කම්පියුටර් දෘඩාංග සේවා සැපයීම වෙනුවෙන් ‘කම්පියුටර් අයිලන්ඞ්’ නම් ආයතනයට කළ ගෙවීම්, අධ්‍යක්ෂ මණ්ඩල දීමනා ඉහළ දැමීම, සභාපතිවරයා ලෙස ඔහුගේ වැටුප වරින් වර ඉහල දමා ගැනීම වැනි චෝදනා රැසක් රත්නායක මහතාට එල්ලවී තිබේ. ‘කම්පියුටර් අයිලන්ඞ්’ නැමති ආයතනය ජනක රත්නායක මහතාට හිමි පෞද්ගලික ආයතනයකි.
2010 සැප්තැම්බර් 10 වන දින නිකුත් කර ඇති මෙම විගණන වාර්තාවේ චෝදනා සම්බන්ධයෙන් ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණී වික‍්‍රමසිංහ මහතා හෝ ශ‍්‍රී ලංකා මහබැංකුව ඇතුලූ වගකිවයුතු ආයතන කිසිවක් විසින් කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැත.
Source - lankanewsweb.com