ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පසුගිය මාර්තු 28 සිට මාර්තු 31 දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයේ අඬ බෙර ගසා පවත්වනු ලැබූ ‘එක්ස්පෝ - 2012’ ප‍්‍රදර්ශනය කිසිදු ප‍්‍රතිලාභයක් අත් කර නොගත් තවත් ‘සුදු අලි’ ව්‍යාපෘතියක් බව වාර්තාවේ.
මෙම ප‍්‍රදර්ශනයට සහභාගි වීම සඳහා ලෝකයේ නන්දෙසින් ගැණුම්කරුවන් විශාල සංඛ්‍යවක් පැමිණ සිටි බවට රාජ්‍ය මාධ්‍ය මගින් පුන පුනා ප‍්‍රකාශ කරන ලදී. මෙසේ එම ප‍්‍රදර්ශනය සඳහා පැමිණි සියලූ ගැණුම්කරුවන් එසේ පැමිණ ඇත්තේ අදාළ රටවල ශී‍්‍ර ලංකා තානාපති කාර්යාල හරහා ඔවුන් වෙත නොමිලේ ලබාදුන් ගුවන් ටිකට් පත් සහ හෝටල් පහසුකම් නිසාවෙනි.
මෙසේ පැමිණි ගැණුම්කරුවන් හා අපගේ අපනයන නිෂ්පාදකයින් කළ කතා බහේදී හැඟී ගොස් ඇත්තේ, ඔවුන් මෙසේ පැමිණ ඇත්තේ ශී‍්‍ර ලංකාවෙන් යමක් ගෙනියනවාට වඩා ශී‍්‍ර ලංකාවට යමක් එවීමට ඇති හැකියාව සොයා බැලීමට බවයි. තවත් ගැණුම්කරුවන් සමහරකගේ අරමුණ වී ඇත්තේ, විවිධ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා අපගේ අපනයනකරුවන් අනුගමනය කරන තාක්‍ෂණික ක‍්‍රමවේදයන් සහ ශිල්පීය ඥානය ඔවුන්ට නොදැනෙන්නට සොරා ගැනීමයි.
මෙසේ ‘එක්ස්පෝ - 2012’ ප‍්‍රදර්ශනය සඳහා පැමිණි ගැණුම්කරුවන් ප‍්‍රදර්ශනය අවසානයේදී ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට ස්තූති කොට තිබෙන්නේ තමන්ට දින කිහිපයක් ශී‍්‍ර ලංකාවේ නිවාඩුවක් ගත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙනි.
Source - lankanewsweb.com