එල්.ටි.ටි සැකකරුවන් ලෙස බන්ධනාගාරයේ සිටින දමිල රැඳවියන් දෙදෙනෙකු සමගසිංහල සහ මුස්ලිම් තරුණියන් දෙදෙනෙකු අතර විවාහ මංගල්‍යය උත්සවයක් ඊයේ (05) කොළොඹ මැගසින් බන්ධනාගාරයේදී පැවැත්විණි.
මෙසේ විවාහ ගිවිස ගත්තේ වවුනියාවේ පාවක්කුලමේ පදිංචි ශක්තිවේල් ඉලන්ගේශ්වරන් (34) තරුණයා සහ වුනියාවේ නෙරියකුලම්හි පදිංචි ගුණසේන සුදර්ශනී නමැති (24) සිංහල තරුණියත් කොළොඹ ජම්පටා විදියේ බාලචන්ද්‍රන් පුෂ්පරාජ තරුණයා (27) සමග ජම්පටා විදියේ පදිංචි මොහමඩ් රාසික් පාතිමා (22) යන තරුණියන්ය.
තිස්හතර වියැති ශක්තිවේල් ඉලන්ගේශ්වරන් වෘතියෙන් රියදුරෙකි.ගුණසේන සුදර්ශනිද වවුනියාවේ පදිංචිකාරියකි.1995 දී පමණ මග තොටේදී දැන හඳුනාගත් මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිවී ඇත.
එල්.ටි.ටි සැකකරුවකු වශයෙන් ශක්තිවේල් ඉලන්ගේශ්වරන් 2000 වසරේදී පොලසිය විසින් වවුනියාවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර නඩු පැවරීමෙන් අනතුරුව තිස් අවරුදු සිර දඬුවමක් නියමකොට ඇත.
ඔහු එම තීන්දුවට එරෙහිව මේ වනවිට මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත්කොට තිබේ.
විසිහත් හැවරිදි බාලචන්ද්‍රන් පුෂ්පරාජ තරුණයා කොළොඹ ජම්පටා විදියේ පදිංචිකරුවකු වන අතර ව්‍යාපාර කටයුතුවල නිරතවුවෙකි.
එල්.ටි.ටි සැකකරුවකු වශයෙන්ඔහුට නඩුපවරා තිබෙන අතර ඔහුගේ නඩුව තවමත් විභාග වෙමින් පවතී.
Source: http://www.gossip9.com/2012/04/blog-post_06.html#ixzz1rFHjgnV4