මේ යටතේ පසුගියදා ගෙවුම් ශේෂ පරතරය අඩු කර ගැනීම සඳහා යැයි කියමින් ඉන්දියාවේ නිෂ්පාදනය කරන මෝටර් රථ, ති‍්‍රරෝද රථ සහ මෝටර් සයිකල් සඳහා පෙර නොවූවිරූ බද්දක් අය කිරීම මෙම පළිගැනීමේ කි‍්‍රයාමාර්ගයේ එක් අවස්ථාවකි.
මෙම පළිගැනීමේ නාටකයේ ඊළඟ උද්වේගකර අවස්ථාව වන්නේ ඉන්දීය ඔයිල් සමාගමට (අයි.ඕ.සී.) දීර්ඝ කාලීනව බදු දී ඇති ති‍්‍රකුණාමල චීන වරායේ තෙල් ටැංකි පිළිබඳ ගිවිසුම අවලංගු කිරීම සඳහා ජනාධිපතිගේ උපදෙස් මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පැතීමයි. ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පසුගියදා මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, ඉන්දීය ඔයිල් සමාගම සමග ගිවිසුමකට එළැඹීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නොහැකි අතර, ඊට බලය ඇත්තේ මහා භාණ්ඩාගාරයට බවයි.
ශී‍්‍ර ලංකාවේ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මූලිකත්වයෙන්, ඉන්දීය රජයේ අනුග‍්‍රහයෙන් ලබන අපේ‍්‍රල් මස 08 වනදා සිට 10 වනදා දක්වා ඉන්දියාවේ නවදිල්ලිනුවර පැවැත්වීමට නියමිත ‘South Asian Political Research Institute - SAPRI’ සම්මේලනයෙන් පසු ජනාධිපතිගේ මෙම පළිගැනීමේ ප‍්‍රහාර දැඩිවීම අනිවාර්ය බව විපක්‍ෂ මන්තී‍්‍රවරුන්ගේ අදහසයි.
මෙම සමුළුව සඳහා සහභාගි වන විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, හිටපු විදේශ අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර ඇතුළු අනෙක් ශී‍්‍ර ලාංකිකයන් පිළිබඳව සවිස්තර වාර්තාවක් සපයන ලෙස ශී‍්‍ර ලංකා රජය මේ වනවිට ඉන්දියාවේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයට දැනුම් දී තිබේ.
Source - lankanewsweb.com