මෙම ගැටුම ජනාධිපතිවරයාගේ ආශිර්වාදය මත ඉනාමළුවේ සුමංගල හිමියන් සහ මත්පැන් නිෂ්පාදක ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතා මහතාගේ මැදිහත්වීමෙන් සිදු වූවක් බව මුස්ලිම් කොංග‍්‍රසයට මේ වන විට පැහැදිලි තොරතුරු රාශියක් ලැබී ඇත.
ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක, අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මෙම ගැටුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (22) දහවල් ඉඩම් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා හමුවීමට නියමිත බවද එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු අප වෙත පැවසීය.
ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතාට අයත් ලක් එෆ්.එම්. ගුවන් විදුලි නාළිකාවත්, ඉනාමළුවේ සුමංගල හිමියන්ට හිමි රංගිරි දඹුලූ ප‍්‍රාදේශීය ගුවන් විදුලියත් පසුගිය දින කිහිපය පුරාම මුස්ලිම්වරුන්ට එරෙහිව පුළුල් ප‍්‍රචාරයක් දියත් කරනු ලැබීය.
තවද, ඉඩම් අමාත්‍ය ජනක තෙන්නකෝන් මහතා මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගෙන රජයේ ඉඩම් මුස්ලිම් පල්ලි ඉදිකිරීමට ලබාදී ඉඩම් ලබාදී ඇතැයි ඉනාමළුවේ සුමංගල හිමියන් ප‍්‍රසිද්ධියේ චෝදනා කරනු ලැබීය. එයට පිළිතුරු දෙමින් ජනක තෙන්නකෝන් අමාත්‍යවරයා කියා සිටියේ එම අභූත චෝදනාව සම්බන්ධයෙන් තමා උන්වහන්සේට එරෙහිව අධිකරණයේ නඩුවක් පැවරීමට කටයුතු කරන බවයි. එවැනි අභූත චෝදනා කරමින් මඩ ගසන එවුන්ට හෙන හත වදින්න බවද ඇමතිවරයා වැඩිදුරටත් පවසා තිබිණ.
දෙමළ, මුස්ලිම් පල්ලියට පහරදීම සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් මැති ඇමැතිවරුන්ද බරපතළ අර්බූදයකට මුහුණ දී සිටී. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.ජේ.එම්. ෆවුසි මහතා මේ වන විටත් එම ප‍්‍රහාරය හෙළා දැක තිබේ.
පසුගියදා පැවැති ජිනීවා මානව හිමිකම් සමුළුවේදී මුස්ලිම් රටවල සහාය ලබා ගැනීමට ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් මැති ඇමැතිවරුන් මෙන්ම, මුස්ලිම් ආගමික නායකයින්ද විශාල වැඩ කොටසක් ඉටු කරනු ලැබීය.
Source - lankanewsweb.com