Chitika Smowtion 468x60


Sunday, April 8, 2012

මර්දනය දියත් කර බලය පවත්වාගෙන යාමට ආණ්ඩුව උත්සාහ කරනවා


ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු අතුරුදහන් කර ඇති බව එම ව්‍යාපාරය අනාවරණය කර තිඛෙනවා. මෙය කිසිසේත්ම සු`ඵකොට තැකිය යුතු නැති බරපතල තත්වයක්. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා වෙනුවට මර්දනය දියත් කර බලය පවත්වාගෙන යාමට උත්සාහ කරන බව මෙයින් පැහැදිළි වෙනවා.
මෙය පළමු අවස්ථාව නොවේ. මාධ්‍යවේදීන් පැ=හැරගෙන ගියා. මාධ්‍ය ආයතනවලට ගිනි තැබුවා මාධ්‍ය ආයතන තුළට පැන ඇමතිවරයෙක් පහර දුන්නා. මහමගදී මාධ්‍යවේදීන්ට පහර දී අතපය කඩාදැමුවා. එයින් නොනැවතුනු එක් ඇමතිවරයෙක් මේ ක්‍රියා තමන් කළබවට වහසි බස් දොඩවමින් ඉන්නවා. ඔහුට විරුද්ධව කිසිදු කි්‍රයාමාර්ගයක් ගෙන නැහැ.
උතුරු නැගෙනහිර ප්‍රදේශවලත් මේ ප්‍රදේශ වලත් පැහැර ගැනීම් නීතියේම එක අංගයක් වී තිඛෙනවා. තමන්ගේ කොටස නොදෙන පාතාල ක්‍රියාකාරිකයින් කුඩු ව්‍යාපාරිකයින්ගේ සිට නිදහස් මතධාරීන් පැහැර ගැනීම දක්වා පු`ඵල් ලයිස්තුවකට අනුව සුදුවෑන් භීතිය මුදාහැර තිඛෙනවා.
තමන්ගේ සාධාරණ අයිතීන් දිනාගැනීමට හලාවතදී ධීවරයන් ගෙනගිය උද්ඝෝෂණයට ම්ලේච්ඡ මර්දනයක් දියත් කොට ධීවර සහෝදරයෙක් ඝාතනය කළා. තමන්ට හිමි සේවක අර්ථසාධක අරමුදල රැකගැනීමට උද්ඝෝෂණය කළ කටුනායක නිදහස් වෙලඳ කළාප සේවකයෝ වෙඩිතබා ඝාතනය කළා. ආණ්ඩුව මේ ගමන් කරමින් තිඛෙන්නේ කොහෙටද? තම බලය රැකගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් බව ඔප්පු කරමින් සිටිනවා. ඒ සඳහා යොදාගෙන තිඛෙන එක අංගයක් වශයෙන් සුදුවෑන් යැවීම තහවුරු වෙලා. නීතියේ නිළ නොවන අංගයක් බවට පත්වෙලා. එම සිදුවීම් හෙළිදරව් වූ අවස්ථාවලදී යටපත් කිරීමට ක්‍රියාකරමින් සිටිනවා. කොළොන්නාව නගර සභාවේ සභාපති පැහැරගැනීමට පැමිණි සිද්ධිය හොඳ උදාහරණයක්.
මේ ආදී වශයෙන් සලකා බලන විට රට ගමන් කරමින් තිඛෙන දිශාව ඉතා පැහැදිළියි. ආණ්ඩුවේ බලය රැකගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඔවුන් සූදානම්. මෙය වහාම පරාජය කළ යුතු තත්වයක්. එසේ නොකළහොත් එයට ගොදුරු වන්නේ ඔබද මමද යන භීතිය තිඛෙනවා. ඒ නිසා මෙය පරාජය කිරීමට පෙළගැසිය යුතුයි. ඒ වෙනුවෙන් එකතු වන ලෙස සංවිධානය වන ලෙස අපි සිය`ඵ දෙනාටම ආරාධනා කරනවා.
මාධ්‍යවේදීන් වන ඔබටද මෙහිදී සුවිශාල වගකීමක් පැවරී තිඛෙනවා. ඔබේ හ~ ඒ වෙනුවෙන් අවදි කරන්න. ඔබේ පෑන ඒ වෙනුවෙන් හසුරුවන්න කියන ආරාධනයත් අපි ඔබට කරනවා.
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණවලට දුන් පිළිතුරු.
• පොදු විපක්ෂයක් ගැන එක්සත් ජාතික පක්ෂය කියනවා තමයි. කවර අරමුණක් වෙනුවෙන්ද ඒ කතා වෙන්නේ. අපේ රට ඇවිදින කැරකොප්පුවක් කළ එක්සත් ජාතික පක්ෂයට රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම පිළිබඳ කෙසේ වෙතත් එය අතිශය දරුණු අගාධයකට හෙ`ඵ බව අපි දන්නවා. ඒ නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරුකිරීමේ කාර්ය භාරය පැවරී තිඛෙන්නේ ඔබට අපට සහ රටේ පොදු ජනතාවටයි.
• සමු`ඵවක් කඩාකප්පල් කිරීමට මේ පැහැර ගැනීම කළ බවට ලඝු කිරීම කිසිසේත් සුදුසු නැහැ. මේ ආණ්ඩුව යටතේ පැහැර ගෙනගිය පළමු අවස්ථාව මෙය නෙවෙයි. සිදුවෙමින් තිඛෙන්නේ ආණ්ඩුවේ බලය පවත්වාගෙන යාමට ඕනෑම දෙයක් කිරීමට සූදානම් බව දිගින් දිගටම ඔප්පු කිරීමෙන් දරුණු ප්‍රයත්නයේ එක කොටසක් තමයි මේ. මේ ආකාරයෙන් පු`ඵල්ව දැකීමක් මිස කිසිම ආකාරයේ ලඝු කිරීමකට අප කිසිසේත් එක`ග නැහැ.
• විජිත හේරත් මහතා.
• මොවුන් දෙදෙනා ජනතා විමුක්ති පෙරමුණේ හිටියාද නැද්ද යන්න වැදගත් කාරණයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු හට දේශපාලනය කිරීමට තිඛෙන ශ=ද්ධවූ අයිතිය පැහැරගැනීමක් කර තිඛෙනවා. එය කිසිසේත්ම අනුතකළ නොහැකි හෙලා දැකියයුතු තත්වයක්.
• අනුර දිසානායක මහතා.
• මෙය විහි`ඵ කිරීමට අවස්ථාවක් නොවෙයි. තමන්ගේ දේශපාලන මතය සමාජගත කිරීමේ පටු අරමුණු වෙනුවෙන් ක්‍රියාකිරීමේ අවස්ථාවක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවී තිඛෙන බිහිසුණු තර්ජනය ගැන අවධානය යොමු කළයුතු අවස්ථාවක්.
• විජිත හේරත් මහතා.
• ආණ්ඩුව විසින් ඒ පිළිබද පරීක්ෂණ පවත්වා සාධක සහිතව තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කළයුතුයි. එවැනි සාධාරණ පරීක්ෂණයක් කිරීමට අපි බල කරනවා. එය කිරීමට නොහැකිනම් පැහැදිළි වන්නේ ආණAඩුව මීට වගකිවයුතු බවයි. මෙය පළමු සිදුවීම නොවේ. පෙර සිදුවීම් කිසිවක් පිළිබදව සත්‍ය තොරතුරු ආණ්ඩුව හෙළිකර නැහැ. චූදිතයන් කවුරුන්දැයි හෙළිකර නැහැ. බරපතල තත්වය ඒකයි. නීති විරෝධීව අත්අඩංගුවට ගෙන මොවුන් දෙදෙනා රඳවා සිටිනවා නම් වහාම නිදහස් කළයුතු යැයි අපි බලකරනවා.


Source - lankanewsweb.com

Share this article with your friends