Chitika Smowtion 468x60


Sunday, April 8, 2012

කුණුගොඩෙන් ඇහිදින පාස්පෝර්ට් ?


තොරතුරු ලබා ගන්නේ විදේශ ගමන් බලපත් කාර්යාලයෙන් ඉවත් කරන ලිපිලේඛන වලින්

පසුගියදා අප ඔබට " ව්‍යාජ මනෝ වෛද්‍ය ප්‍රවීන් ජයමහ අත්අඩංගුවට " යනුවෙන් පුවතක් ඉදිරිපත් කළා. මේ පුද්ගලයා ජගත් පුෂ්පක ජයමහ, මනෝ වෛද්‍ය ජයමහ, ආචාර්ය ජේ.එම්.පී. ජයමහ යන නම් වලින්ද පෙනී සිටමින් කාලයක් තිස්සේ ජනතාව මුලා කරමින් සිට අන්තිමේදී පොලිසියට කොටුවුනා. මේ පුද්ගලයා සතුව තිබු ව්‍යාජ හැඳුනුම්පත් කිහිපයක්ද එම අවස්ථාවේදී පොලිස් භාරයට ගැනුනා. මේ ව්‍යාජ හැඳුනුම්පත් පිළිබදව ප්‍රශ්න කිරීමේදී ඔහු ඒවා සදා ගන්නා ආකාරය පිළිබදව හෙළිකර තිබුනා.

ඔහු පවසන ආකාරයට වෙනත් නම් වලින් හැදුනුම්පත් සදා ගැනීමට අවශ්‍ය නියම තොරතුරු ලබා ගන්නේ විදේශ ගමන් බලපත් කාර්යාලයෙන් ඉවත් කරන ලිපිලේඛන වලිනි. 

ඔහුට අනුව පුද්ගලයෙක් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේදී එහි මුල් පිටපතේ ජායා පිටපත් තුනක් ලබා ගන්නා විදේශ ගමන් බලපත් කාර්යාලය එම ගමන් බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු එම ජායා පිටපත් එම කාර්යාලය අසල පිහිටි පෞද්ගලික බැංකුවක කුණුගොඩකට ගෙනවිත් බැහැර කරයි. 

එවිට ව්‍යාජ හැදුනුම්පත් සාදන්නන් මෙහි පැමිණ එම විස්තර අහුලාගෙන ගොස් එම බලපත්‍රවල ඇති විස්තර ඇතුලත් කර ව්‍යාජ හැදුනුම්පත් සදා ගනී. ඒ සදහා මෙම බලපත්‍රවල ඇති නිවැරදි විස්තර වලට හා නමට වෙනත් ජායාරුපයක් කර ව්‍යාජ හැදුනුම්පත් සාදාගනී. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මේ ආකාරයට ඕනෑම හැදුනුම්පතක් සාදාගත් හැකි බවයි.




Source: http://www.gossip9.com/2012/04/blog-post_5182.html#ixzz1rSBZi3cl

Share this article with your friends