Chitika Smowtion 468x60


Sunday, April 8, 2012

රනිල්ගේ කුල විරොධී සටන


ලංකාවේ දේශපාලන පක‍ෂ තුල කුලයත් වැදගත් සාධකයක් වෙලා තියෙනව. සමහරවිට කුල දේශපාලනය ජාතික ප්‍රජාත්‍රන්ත්‍රවාදී අනෙකුත් සාධක යට කරගෙන උඩට ඇවිත් තිවුනා.
ඇත්තටම ගොවිගම රදල මුදලි පැලැන්තියේ පීඩනයෙන් වේදනා ලබාගත් ජනකොටස් තාමත් ඉන්නවා.
ඒ නිසා එම පවුල් වල බල රටාවන් බිිඳගෙන යාම ප්‍රජාත්‍රන්ත්‍රවාදී කාර්යක්.
රදල ඉඩම් බලයක් හෝ ආර්ථීක බලයක් එලිපිට නොවුනත් නීතිමය තත්ත්වයන් විසින් ඒවා ඉවරකරල තිබුනත් එය සමාජ ආවේගයන් ලෙසට යටින් පවතිනව. මේ පරිසරය තුළ මහ ප්‍රේමදාස උන්නැහේ ජනාධිපති වීම. එක්තරා ප්‍රජාත්‍රන්ත්‍රවාදී ජයග්‍රහනයක්.
අපි එදා හිතා හිටියේ සම සමාජ ජයග්‍රහනයත් එක්ක මිසක එවැනි දෙයක් සිදුවෙන්නට බැහැ කියලයි.
ඒත් 88/89 දී තිබුන ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවපු කැරැල්ල පීඩිත ජන කැරැල්ලක් මොන ඉදිරි දර්ශන තිබුනත්. මේ කැරැල්ල සමග ගණුදෙනුව බේරා ගන්නට මහ ප්‍රේමදාසට හැකියි කියන මතය උඩයි එදා එයාට ඉදිරියට එන්න ධනපතියන් ඉඩ ලබාදුන්නේ.
ඇත්තටම උපාය මාර්ග මගින් කැරැල්ල යටපත් කරන්නටත් දෙවනුව මර්ධනයටත් උන්නැහෙගේ ගියේ ඒ උඩම බලය ලබාගත්තට පස්සෙයි. ඒත් එම කැරැල්ල මැඩපැවැත්වීම තුලින්ම තමන්ගේ බලයේ මහ ප්‍රබල සාධකයක් උන්නැහේ නැතිකරගත්ත.
ඒ උඩ ගොවිගම, රදලමුදලි බලවතුන්, පක‍ෂ තුල යලි බලපෑම් කරන්නට පටන්ගත්ත. ගාමිණී දිසානායක එළියට ආවේ එම රැල්ල උඩයි. ඒ දවස්වල රනිල් හිටියේ ප්‍රේමදාස සමගයි. රනිල් පක‍ෂයේ බලය තහවුරු කරගැනීම හා වැඩ පිළිවෙල ගැන බැලූව මිසක ප්‍රේමදාස විරෝධියෙක් ලෙසට වැඩ කලේ නැහැ කියලයි කවුරුත් කියන්නේ.
ඈත ඉතිහාසයේදීත් දක‍ෂිණාශික බලවේග අතරම කුල ප්‍රශ්නය උඩට ආපු වෙලාවල් තියෙනව. රාජ්‍ය උපදේශක සභා කාලවලදී තෝරාගත් ඡන්ද දායකයින් පිරිසකගේ ඡන්දයෙන් කොළඹ අවටින් කෙනෙක් පත්කර ගැනීමේ අවස්ථාවේදී සිංහල ඉහල කුල වලයැයි සම්මත අය පොන්නම්බලම් රාමනාදන් වටා එකතු වෙලා කරාවේ දොස්තර මාකස් ප්‍රනාන්දු නැමති සිංහල නායකයාට විරුද්ධව පෙලගැසුනා. ඒ උඩ රාමනාදන් ට පුළුවන් වුනා ප්‍රනාන්දුව පරාජය කරන්න.
ඒ විදිහට ජාතියට වඩා කුලය ගැන සළකා බලන අවස්ථාවන් හැටියට එය ඉතිහාස ගත වුනා. ඒ උනේ 1911 දී. හුඟක් ඉස්සර. අවුරුදු සියයකට ඉස්සර. එයින් පසුව කොච්චර දේවල් මේ රට තුළ සිද්ද උනාද? සමාජ ආර්ථීක විප්ලවයක් නූනත් සෑහෙන වෙනස්කම් ඇතිවෙලා නූතනත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ වුනත් යටින් කුලය ප්‍රශ්ණ වලට ඇතුල් වෙනවද?
අද යූඇන්පිය තුල ගැටුමක් තියෙනව. ඒය දේශපාලන ගැටුමක් හැටියටත් පෙන්වන්න පුළුවන්. රනිල් සිංහල බෞද්ධ ජාතිවාදී පදනමට විරුද්ධව වඩා යථා වාදී ධනපති දේශපාලනයක් ඉදිරිපත් කරනව. ඒ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධිරාජ්‍යවාදී සැළසුම් වලට ඒක්තරා විවේචනයක් ඉදිරිපත් කරනව. මේ ස්ථාවරය මහින්ද රජයට එල්ලකරන දැඩි අභියෝගයක් කියෙන්න පුළුවන්.
මොකද ලංකා ඉතිහාසයේ මෑත භාගයේදී හැම විට ම විරුද්ධ පක‍ෂයේ නායකයා කලේ සිංහල බෞද්ධ ජාතිවාදය අවුස්සන එකයි. එයට වෙනසක් ඇතිකලේ චන්ද්‍රිකායි. එයා දෙමල ජනතාවට සහන දෙන වැඩ පිළිවෙලක් උඩ බලයට ආවා. දැන් රනිල් එලෙසටම යොමුවෙලා වගෙයි වැඩ කරන්නේ. චන්ද්‍රිකා ලෙච්චමී කියල පොට්ටු තිව්ව අයට ඇයගෙන් සිදු නොවුන වැඩ කොටස වෙනුවෙන් පෙනී සිටින්න වෙලා.
කොහොම උනත් රනිල්ගේ ස්ථාවරය මහින්දගේ ක්‍රියා පිළිවෙතට කෙළින්ම අභියෝග කිරීමක්. ඒ තරමට ධනපති රාමුව තුල ඉස්සරහට ඒම මහින්දට ප්‍රශ්ණයක්. මේ අභියෝගය සමග ජනතාව පාරට ගෙන එනව නම් එය වමේ අපට කර අරින්න බැරිවෙනව. මොකද සටන තුලදී එකතුවීමේන් වාසිය ලැඛෙන්නේ වමට මිස දකුණට නෙමෙයි.
මේ වෙළාවේ ප්‍රේමදාස පුත්‍රයා ඇතුලේ ලොකු ආරවුලක් ඇතිකරනව. ආණ්ඩුව ගෙනයන ආර්ථීක සමාජ වැඩපිළිවෙලට විරුද්ධ නොවී දුප්පතාගේ දුක කීම වෙනුවෙන් ප්‍රේමදාස පුතා ක්‍රියාකත්මක වෙනවා. මේකෙන්් ජාතිවාදී පදනමෙන් ජනතා බලවේගයක් හැදීමට බාලාපොරොත්තු වෙනවද?
ඒත් එතැන යටින් ඉන්න බලවතෙක් හැටියට අපට පේන්නේ ලක්තිලක මහත්තයවයි. උන්නැහේට මේ ජාතිවාදී යුධවාදී පදනමේයි ඉඳගෙන සරල විදිහට බඩගිනි කථාවක් කීම තුලින් ගමනක් යන්නේ කියල පෙනෙන්නේ නැතිද? මට හිතෙන්න බෑ මේ රනිල් විරෝධී කට්ටිය කරුණු නොදන්න මායාවන්ට යටඋනු අය හැටියට. ඒහෙම සලකන්න බැහැ. එහෙමනම් මේ අයගේ මේ පෙළගැස්මේ පදනම වෙන්නේ කුල ප්‍රශ්ණයක්ද? මේ ප්‍රශ්ණය ඇත්තටම බලගතු කරනාවක්. කුලවාදය මේ සමාජය තුලත් මේ වගේ පිල් ඛෙදීමකට හේතුවෙනවනම් ඒ ගැන හිතන්න වෙනවා.
රනිල්ගේ ප්‍රභූවාදී කුලවාදයට විරුද්දව ප්‍රේමදාස ඉදිරියට ගතයුතුයි කියල හිතනවද? ඒවැනි අරගලයක් යනව නම් එයට සෑම ප්‍රජාත්‍රන්ත්‍ර වාදියෙක්ම සහය දිය යුතුයි. ඒත් එවැනි බලයක් රනිල් කේන්ද්‍රගත කරගෙන ඉන්නවද? එයා වටා ඉන්න අය අතර ලක‍ෂමන් කිරිඇල්ල ඉන්නවා. ලක‍ෂමන් ප්‍රභූ පවුලකින් ආවත් රනිල්ගේ දැන් කිට්ටු කරගත්තා කියා චෝදනා කරණු ලබන මංගල දිගටම ගොයිගම පවුල්වාදයට විරුද්ධව පෙනී සිටි කෙනෙක්.
අනෙක් අයත් ඒ වගේම අය ලෙසටයි ඉදිරියට ඇවිත් ඉන්නේ. එහෙම නම් රනිල්ගේ කුල වාදී ප්‍රභූ වාදයට විරුද්ධ සටන තේරුමක් ඇති දෙයක් වෙන්නබෑ. විශේෂයෙන්ම මහින්දගේ ජාතිවාදී, ආගම්වාදී මර්ධන හස්තයට මුහුණ නොදී යූඇන්පිය තුල රනිල්ගේ් ප්‍රභූ කුලවාදයකට විරුද්ධව සටන් කිරීම එයටත් වඩා විහිළුවක්.
මේ අවුල පෙන්වන්නෙත් ධනපති පංතියට පවතින ප්‍රශ්නවලට පිළිතුරු නැති බවයි.

Source - lankanewsweb.com

Share this article with your friends