Chitika Smowtion 468x60


Sunday, April 8, 2012

අවුරුද්දට කළුවරේ ඉදීමට සිදුවේද?


ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් ලබන 11 වෙනිදා අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයකට යොමු චිමට නියමිත බව දැනගන්නට ලැබෙනවා. ඒ අනුව යම් හෙයකින් විශාල පද්ධතියක විදුලිය බිද වැටීමක් සිදුවුවහොත් ලංකාවටම අළුත් අවුරුද්ද සැමරීමට සිදුවන්නේ විදුලිය නොමැතිව කළුවරේ සිටයි.

මේ ආකාරයේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වීමට මණ්ඩලයේ සේවකයින් ක්‍රියා කොට ඇත්තේ ඔවුන්ගේ මාසික චේතනය සම්බන්දයෙන් මතුව ඇති ගැටළු කාරී තත්වයක් නිසයි.

මිට පෙර අවස්‌ථාවකදී ඔවුන් ඔවුන්ගේ වසර තුනකට වරක් වැඩිවන මාසික චේතනය 45% කින් වැඩි කරන ලෙස ඉල්ලා සිටියත් ඒ අවස්ථාවේදී මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු ඉහල විධායකයින් කියා සිටියේ ඔවුන්ට 25% ක පඩි වැඩිවීමක් ප්‍රමාණවත් බවයි. ඒ අනුව එම අවස්ථාවේදී මණ්ඩලයේ සියලුම සේවකයින්ට 25% ක පඩි වැඩිවීමක් සිදුවුවා.


එනමුත් දැන් මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු විධායක නිලධාරීන් රජය සමග හොර රහසේ සාකච්චා කොට ඔවුන්ට පමණක් 45%ක පඩි වැඩිවීමක් ලබාගෙන තිබෙනවා. මේ තත්වය මත මණ්ඩලයේ අනිකුත් සේවකයින් ඔවුන්ටත් එම 45% කින් චේතනය වැඩි කරන ලෙස ඉල්ලා සිටිනවා. 






Source: http://www.gossip9.com/2012/04/blog-post_8331.html#ixzz1rSDD8rEt

Share this article with your friends