ජනාධිපතිවරයා ඇතුළු පවුලේ ඥාතීන්ට අමතර ආරක්‍ෂාව සැපයීම අරමුණින් මෙම කඳවුර තංගල්ල ප‍්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ අතර, එයට අනුයුක්තව සේවය කරන ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් විෂමාචාර චෝදනා ගණනාවක් ප‍්‍රදේශවාසීන් විසින් ඉදිරිපත් කර ඇත.
එසේම කිරින්ද ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් ලක්‍ෂ 35 ක් පමණ වටිනා වාලම්පුරියක් කොල්ලකා පළා යමින් සිටි විශේෂ කාර්ය බළකා සෙබළුන් දෙදෙනෙකු තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, එහිදී අනාවරණය වූයේ ඔවුන් මීට පෙර මෙම කඳවුරේ සිටියදීම මෙවැනිම මංකොල්ලයකට සම්බන්ධව සිටීම හේතුවෙන් තාවකාලිකව සේවා අත්හිටුවීම්ද සිදු කර ඇති බවයි.
එසේම, පසුගිය 04 වනදා හුංගම ප‍්‍රදේශයේ මහමග ගමන් කරමින් සිටි කාන්තාවකගේ රුපියල් 45,000 පමණ වන මාලයක් කඩාගෙන පැන යමින් සිටියදී ප‍්‍රදේශවාසීන්ගේ උදව් ඇතිව හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙකුගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔවුන් තංගල්ල විශේෂ කාර්ය බළකා කඳවුරේ සේවයේ නියුතු උප පොලිස් පරීක්‍ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු බවයි.
Source - lankanewsweb.com