පසුගිය පෙබරවාරි 11 වනදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගිය තරුණයන් දෙදෙනෙකු අතුරුදහන් වී තිබේ. නුගේගොඩ ගංගොඩවිල අධිකරණයේ පැවරුණු නඩුවකට අදාළ නියෝගයකට අනුව අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත වූ එම තරුණයන් දෙදෙනෙක් මේ අන්දමින් අතුරුදහන් වී ඇත.
පෙබරවාරි 11 වනදා උදෑසන 10.30 හා 10.31 වශයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු සටහන් පොතේ අත්සන් තබා ඔවුන් ඊට ඇතුල් වී ඇත. එම ගොඩනැගිල්ලේ ආරක්‍ෂිත කැමරාවලද ඔවුන් දෙදෙනා ඊට ඇතුළත් වූ බවට පටිගත වී ඇත. ඉන් අනතුරුව ඔවුන් සිදු වූයේ කුමක්දැයි මේ දක්වා නිශ්චිත වශයෙන් වාර්තා නොවේ.
ඔවුන් දෙදෙනා අතුරුදහන් වී මේ වන විට මාස 03 ක්ද ගත වී ඇත. මෙලෙස අතුරුදහන්වීමට ලක් වී ඇත්තේ 23/28 පාගොඩ පාර, නුගේගොඩ පදිංචි නිවාස් ඩුවෙල් සහ නො. 21 ඒ, නන්දා මාවතේ පදිංචි ඞී.එම්.වී. චමින්ද යන දෙදෙනාය.
Source - lankanewsweb.com