මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පසුගියදා විවෘත කළ ගාල්ලේ ටින් මාළු කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය මසුන් තොග චීනයෙන් ගෙන ඒමට රජය තීරණය කර ඇත. රුපියල් කෝටි ගණනක මහජන මුදල් යොදවා කරනු ලබන මෙම ටින් මාළු කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය මාළු චීනයෙන් ගෙන්වීමට ගිවිසුම්ද අත්සන් කර තිබේ.
ගාලූ ටින් මාළු කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන ටින් මාළු ඇසුරුම සඳහා යොදා ගනු ලබන්නේ ‘ලින්නා’ මත්සයින්ය. අදාළ කර්මාන්ත ශාලාවේ වසරකට නිෂ්පාදනය කරන ටින් මාළු සඳහා ලින්නා මාළු මෙට්ටි්රක් ටොන් මිලියන 150,000ක ප්‍රමාණයක් චීනයෙන් ආනයනය කිරීමට නියමිතය.
දේශීය නිෂ්පාදන නඟා සිටුවන බවට මාධ්‍ය සංදර්ශනයක්ද පවත්වා ජනාධිපතිවරයා විසින් පසුගියදා ගාල්ලේ ටින් මාළු කර්මාන්ත ශාලාව විවෘත කරනු ලැබීය.
Source - lankanewsweb.com