Chitika Smowtion 468x60


Sunday, May 13, 2012

තහනම් නියෝග ගැනීම ආණ්ඩුවේ සහ සජිත්ගේ කුමන්ත්‍රණයක් ?


උතුරු මැද පළාත් සභාව විසිරුවීමට තහනම් නියෝග ගැනීම ආණ්ඩුවේ සහ සජිත්ගේ කුමන්ත්‍රණයක්: සියළු තොරතුරු හෙලිවේ


උතුරුමැද පළාත් සභාව විසිරුවීමට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගත්තේ ආණ්ඩුවේම වුවමනාවට බව 
අප වෙත වාර්තා වේ.

තහනම් නියෝගය ලබා ගැනීමට අධිකරණයට ගිය එජාප පළාත් සභා මන්ත්‍රී අනිල් රත්නායක මන්ත්‍රීවරයා මේ සඳහා පක්ෂයේ අවසරයක් ලබාගෙන නැති බවත් පක්ෂයේ අනුදැනුමකින් තොරව මෙම ක්‍රියාව සිදු කර ඇති බවත් මේ වන විට හෙළි වී තිබේ. ඔහුගේ මෙම ක්‍රියාවට උතුරුමැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ කිිසිදු මන්ත්‍රීවරයෙකු සහාය දී හෝ සහභාගී වී හෝ නැත.

මෙය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීම මත සිදුකර ඇති අතර ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පවා සපයා ඇත්තේ ද මහ ඇමැතිවරයා විසිනි. පෙත්සම්කාර අනිල් රත්නායකට මෙම මුදල් සපයා ඇත්තේ මහ ඇමැති කාර්යාලයේ සේවය කරන දොඹවෙල නම් නිලධාරියා හරහා බව 
අප වෙත තොරතුරු ලැබී ඇත.

පෙත්සම්කාර අනිල් රත්නායක වෙනුවෙන් අනුරාධපුර අධිකරණයේ පෙනී සිටි කරුණාරත්න හේරත් නම් නීතිඥවරයා ද එක්සත් ජාතික පක්ෂයට කිසිදු සම්බන්ධයක් නැති එක්සත් ජාතික පක්ෂයට සම්පූර්ණයෙන්ම එරෙහි මතයක සිටින නීතිඥවරයෙකි.

වාර්තාවන පරිදි ආණ්ඩුව මේ මගින් අරමුණු දෙකක් සපුරා ගැනීමට බලාපොරොත්තු වී ඇත.

1. දැනට උතුරුමැද පළාත් සභාවේ සිටින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙක් පමණ ආණ්ඩුව ගැනත් පුද්ගලිකව බර්ටි ප්‍රේමලාල් ගැනත් කළකිරී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සුදානමින් සිට තිබේ. ලඟදීම එය සිදුවීමට නියමිතව තිබී ඇති අතර එය ආරංචි වූ බර්ටි ප්‍රේමලාල් මහ ඇමැතිවරයා එය වළක්වා ගැනීමට මෙම ක්‍රියාව සිදුකර ඇත.

2. ආණ්ඩුව මහජනයා ඉදිරියේ අඳින්නට හදන මහා චිත්‍රය අනුව එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වලට මුහුණ දීමට බියක් දක්වන බවට මහා ප්‍රචාරයක් ලබා දීමය.

දැනට උතුරු මැද පළාතේ පවතින්නේ මරාණ්ඩුවට කිසිසේත්ම වාසි නොවන අවදානම් මහජන මතයකි. ඊට දැඩි ලෙස හේතු කාරක වී ඇත්තේ ජීවන වියදම අහස උසට වැඩි වීමත් පළාතේ වැඩි පිරිසක් ජීවත් වන කෘෂිකාර්මික නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබීමත් ය. තත්ත්වය කෙතරම් දරුණු දැයි උදාහරණයක් කියන්නේ නම් වී මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් නැති වීමත් වී වලට නිසි මිලක් නොලැබීමත් නිසා මේ වන විට කන්න දෙකක වී අස්වැන්න නිවෙස් වල ගබඩාකරගෙන සිටින ගොවීන් රැසක් උතුරු මැද පලාතේ වෙසෙති.

මෙම නඩුව ගොනු කළ අනිල් රත්නායක නම් මන්ත්‍රීවරයා සජිත් පිලේ හාදයෙකි. මේ අධිකරණ ක්‍රියාමාර්ගය සජිත් ප්‍රේමදාස ගේ ද සහාය මත සිදුවූ බව උතුරු මැද පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙපිරිසම පවසති.

ආණ්ඩුව සජිත් සමග විපක්ෂය බේද කිරීමේ කුමන්ත්‍රණයක යෙදෙන බවත් සජිත් ද ඒ වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කරන බවත් මේ වන විට මුළු ශ්‍රී ලංකාවේම දේශපාලනය ගැන දන්නෝ දනිති. ආණ්ඩුව මෙම නඩුව ප්‍රයෝජනයට ගනිමින් අනුරාධපුර ජනතාවට පවසන්නේ විපක්ෂය චන්ද වලට බයනම් ඉල්ලා අස්වී ගෙදර යා යුතු බවයි.

මෙය සජිත්ගේ කුමන්ත්‍රණයක් බව හොඳින්ම තේරුම් යන සිදුවීමක් නම් පුවත් පත් සිරස්තලයක පමණක් තිබූ පළාත් සභා විසිරුවන ප්‍රවෘත්තිය දුටු මතින් එදිනම සජිත් ප්‍රේමදාස තනියම ප්‍රවෘත්ති සාකච්ඡාවක් තබමින් කීවේ අපි ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන බවයි. සාමාන්‍යයෙන් එජාපය වැනි රටේ ප්‍රධාන පක්ෂයක් පත්තරයක හෙඩ් ලයින් එකක් දුටු පමණින් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන්නේ නැත. සජිත්ගේ එම සාකච්ඡාවද පක්ෂයේ අනුමැතියක් ඇතිව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් ද නොවීය. පළාත් සභා ඡන්ද ගැන පක්ෂයේ නිල මතය කියන්නේ නම් එය පක්ෂයේ ප්‍රධාන ලේකම් වරයා විසින් සිදුකළ යුත්තකි.

මෙහිදී සජිත් කම්බි පස්පොටින් පැන එජාපය ඡන්දය ඉල්ලනවා කියා තමාගේ අනුරාධපුරේ මිනිහෙක් පසුදාම ඡන්දය වැළැක්වීමට උසාවි යැව්වේය. ආණ්ඩුවට අවශ්‍ය මතය ගම් මට්ටමින් ගොඩ නැගීමට උදව් කරමින් සජිත් එජාපයේ අෙඟ් ඉඳන් කණ කන්නේ මෙලෙසය.

(මරාණ්ඩුවේ වුවමනාව වෙනුවෙන් සජිත් එජාපයේ අෙඟ් ඉඳන් කණ කන ආකාරය ගැන 
අප වෙත තවත් බොහෝ සත්‍ය කරුණු ලැබී ඇති අතර අප ඉදිරියේදී ඒවා එකින් එක හෙළි කරන්නෙමු.)

Share this article with your friends