Chitika Smowtion 468x60


Tuesday, May 8, 2012

සුදර්මන් එජනිස මැයි රැලියේ- වරෙන්තුවට මාස 10යි


ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ පුද්ගලයා අනුව බවත් ඔහු දේශපාලන සම්බන්ධකම් ඇත්තෙක් නම් කුමන හෝ ජඩ වැඩක් කර බේරී සිටීමට පුළුවන් වන අතර කෙතරම් වංචා දූෂණ කළද එවැන්නන්ට ලංකාවේ නීතිය ක්‍රියාත්මක නොව්න බව මීට පෙර කීප විටක්ම අප පැවසුවෙමු.

ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන පරණ යකඩ ටොන් 1,828 ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ 15 ක් ගැනීමේ දුෂිත ගණුදෙනුවක් නිසා දුටුතැන අත්අඩංගුවට ගැනීමේ අධිකරණය විසින් නිකුත් කල වරෙන්තුවක් ඇති පුද්ගලයෙකි. ඔහුට වරෙන්තුව නිකුත් වුයේ 2011 ජුලි 19 වන දිනය.


වරෙන්තුව නිකුත් කොට මාස ගනනක් ගතවුවද සුධර්මන් නිදැල්ලේ සිටියේය. ඒ නිකම්ම නොවේ, වරෙන්තුවක් තිබියදීත් 2011 අගෝස්තු 29 වනදා සුදර්මන් තම හිතවතකුගේ ගැටලුවක් සඳහා තලංගම පොලීසියට පැමිණ අපූරුවට පිටව ගියේය. පොලීසිය සිටියේ දැක්කත් නොදැක්කාසේය.

මාස 6කට පසුත් පොලීසිය විසින් අත් අඩංගුවට නොගත් සුධර්මන් රදලියගොඩ වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් පසුගිය පෙබරවාරි 09 වෙනිදා නියෝග කළේය

පහත ජායාරූපයෙන් දැක්වෙන්නේ පසුගියදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙලපාලියටද සුදර්මන් සහභාගී වූ අයුරුයි. පුද්ගලයා අනුව නීතිය ක්‍රියාත්මක වන පොලීසියක් ඇති රටේ සුදර්මන්ට නීතිය වලංගු නැතුවාක් මෙනි.



කෝට්ටේ විහාරයේ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඝාතනය කිරීමෙන් පසු මාර්තු 21 වනදා සුදර්මන්ද එම අවස්ථාවේ එතනට පැමිණියේය. ඒ නිකම්ම නොවේ, මධ්‍යම පලාත භාර සහකාර පොලිස් අධ්‍යක්ෂ අනුර සේනානායක සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමිනි. 


වරෙන්තුවක් තිබියදී, මානුෂික මෙහෙයුම පිළිබඳව පොතක් එළිදැක්වූ අවස්ථාවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ.


වරෙන්තුවක් තිබියදීත් පසුගිය අගෝස්තු 29 වනදා සුදර්මන් තම හිතවතකුගේ ගැටලුවක් සඳහා තලංගම පොලීසියට පැමිණ අපූරුවට පිටවගිය අයුරු ජායාරූපයකට හසුවී තිබුනේ මෙසේය.









Source: http://www.gossip9.com/2012/05/10.html#ixzz1uI7V1tST

Share this article with your friends