ලේක හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ එහි විශේෂ රැස්වීමක් පවත්වා ඇති බව වාර්තා වෙනවා.
මීට කළමනාකරන ශ්‍රේණියේ හා ඊට ඉහළ නිළධාරීන් සහභාගී වී ඇති බව පැවසෙන අතර එහිදී සභාපතිවරයා පවසා ඇත්තේ
"මම මීට මාස කිහිපයකට පෙර කතරගම දේවාලයට ගිහින් බාර කිහිපයක් වුණා. එකක් මගේ පෞද්ගලික එකක්. අනෙක ලේක් හවුස් එකේ තිබෙන කරදරකාරී තත්ත්වය නැති කරන්න කියලා හිතාගත්ත එකක්.
දේවාලයේ කපු මහත්තයගේ අවසරය තියනව නම් එතන භාර හාර ඔප්පු දෙන ශලාව AC කරන්න මම හිතගාත්තා. මේ කරදර වලින් පස්සේ මම කපු මහත්තයට ලියුමක් යැව්වා මේ ගැන අහලා. එතුමා උත්තරයක් එවලා තියනවා පිළිරූ වලට හානියක් නොකර ඒ වැඩේ කළාට කමක් නෑ කියලා.
මේ වැඩේට රුපියල් මිලියන දෙක හමාරක් විතර යනවා. මම ඇස්තමේන්තු කළා. ඔය ගාන මගේ හිතවතෙකුට කියල හරි පත්තරේ දැන්වීමක් දාලා හරි හොයාගන්න පුළුවන්. ඒත් ඒකෙන් වැඩක් නැහැ. මේ බාරේ අපි ලේක් හවුස් එකේ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන්ම ඔප්පු දෙමු. මම රුපියල් ලක්ෂයක් දෙනවා." යනුවෙනි.
මෙහිදී එක් කළමනාකරුවෙකු පවසා ඇතැයි කියවෙන්නේ සියල්ලගේම දිනක වැටුප මේ සඳහා කපාගැනීම සුදුසු බවයි. එහෙත් ආයතනයෙන් 90%ක්ම මේ වනවිට මෙයට විරෝධය පාමින් සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ.
Source: http://www.gossip9.com/2012/06/ac.html#ixzz1yQ0lHwAn