සෞඛ්‍ය අමාත්‍යංශයේ අඩුපාඩු හුවා දක්වමින් රජයේ හා පෞද්ගලික මාධ්‍ය විසින් ගෙන යන දැවැන්ත ප‍්‍රචාරක මෙහෙයුමට එරෙහිව පෙරළා පහරදීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත. එම මාධ්‍ය මෙහෙයුම ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියෙකු හරහා කි‍්‍රයාත්මක වන බව මේ වනවිට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධරියෙකු අප කළ විමසීමකදී පැවසීය.
මේ සම්බන්ධයෙන් ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව තමන්ට වාර්තාවක් ලබා දෙන්නැයි ඇමතිවරයා විසින්, එම අමාත්‍යංශයේ මාධ්‍ය උපදේශක නිව්ටන් ගුණරත්න මහතාට පසුගිය සතියේ දැනුම් දී ඇත. ඒ අනුව, ඩෙංගු රෝගය යළි වර්ධනය වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ වෙනත් ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පසුගියදා කැඳවා තිබූ අතර, ඩෙංගු වර්ධනයට රාජ්‍ය ආයතන රාශියක දුර්වලතා හේතු වී ඇතැයි එහිදී හෙළිදරව් වී තිබේ.
මෙම තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත එල්ල වී ඇති චෝදනාවලට බලපා ඇති කරුණු කාරණා හෙළිදරව් කරමින් මෛතී‍්‍රපාල ඇමතිවරයා ලබන සතියේ විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් කැඳවීමටද තීරණය කර ඇත.
දිමු ජයරත්න මහතා අගමැති ධූරයෙන් ඉවත් කරන්නේ නම්, එම තනතුර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුට අනිවාර්යයෙන්ම හිමිවිය යුතු බව මෛත‍්‍රීපාල ඇමතිවරයා පසුගියදා එම පක්‍ෂයේ මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමග කළ ප‍්‍රකාශයෙන් පසු ඔහුට එරෙහි මාධ්‍ය මෙහෙයුම ආරම්භ වී තිබේ.
ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අගමැති ධූරයට පත් කළ හොත් තමා ඇතුළු ශී‍්‍ර ල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨ අමැතිවරයා රාශියක් එයට එරෙහිව ප‍්‍රසිද්ධියේ පෙනී සිටින බවද මෛතී‍්‍රපාල ඇමතිවරයා ප‍්‍රකාශ කර තිබිණ.
Source - lankanewsweb.com