විදේශීය ටෙලිනාට්‍ය මෙරට නාලිකාවල විකාශය කරන්නේනම් ඒවාට බදු ගෙවිය යුතු බව රජය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු පසුගිය අප්‍රේල් 30 වනදා වනවිට ලබාගන තිබෙන මුළු ආදායම රූපියල් හැත්තෑ අට කෝටි අසූපන් ලක්ෂයක් හෙවත් රු. මිලියන 789.5 මුදලම රජය විසින් යොදවා තිබෙන්නේ රන්මිනිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානයේ නඩත්තුව හා අනෙකුත් ඉදිකිරීම් සඳහා බව පැවසෙනවා.
මේ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (20) පාලිමේන්තුවේදී ප්‍රකාශ කළේ දයාසිරි ජයසේකර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
2006 ජූලි 01 වනදා සිට අද වන විටත් ක්‍රියාත්මක මෙම බද්ද මඟින් සිංහල, දෙමල හෝ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් හඬ කවන ලද ටෙලිනාට්‍ය හෝ චිත්‍රපටවලින් විනාඩි 30ක් හෝ ඊට අඩු කාලයක් සඳහා රු. 90,000ක්ද, එම විනාඩි 30න් පසු එළඹෙන සෑම විනාඩි 5කටම රු. 15,000/-ක්ද අය කෙරෙනවා
මීට අමතරව ඉංග්‍රීසි භාෂාවෙන් නිශ්පාදනය කරනලද ටෙලි නාට්‍යකින් මුල් විනාඩි 30 සඳහා රු. 10,000ක්ද පසුව එළඹෙන සෑම විනාඩි 5කටම රු. 1,500ක්ද, වෙනත් ටෙලිනාට්‍ය වලින් විනාඩි 30ක් හෝ ඊට අඩු කාලයක් සඳහා රු. 75,000ක්ද එළඹෙන සෑම විනාඩි 5ක් සඳහාම රු. 12,0000ක්ද අය කෙරෙන බවයි එහිදී ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව 2010 වසරේ අක්කර 235 භූමියක මිලියන 1500 ක් පමණ මුදලක් වැය කර ඉදිකළ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය මේ වන විට අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්වෙමින් පවතින්නේ එහි රූගත කර ඇති චිත්‍රපට හා ටෙලිනාට්‍ය ගනන අතලොස්සක් නිසාය.
ශ්‍රීලංකාව වැනි දර්ශන තල වලින් අනුන රටකට මෙවන් දර්ශන තල ඇතුලත් ගම්මානයක් සකස් කිරීම ප්‍රයෝගික නොවන බවත් කොළඹ සිට හම්බන්තොටට නිතර ගමන් කිරීමේ අපහසුවත් එයට ප්‍රධාන හේතු වශයෙන් නිෂ්පාදකයෝ පෙන්වා දෙනවා.
Source: http://www.gossip9.com/2012/06/blog-post_21.html#ixzz1yQ3MCRjD