තමා මුදල් ඇමති ධූරයට පත් වූ පසු ගනු ලබන කි‍්‍රයාමාර්ග පිළිබඳව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මේ දිනවල ඔහුට හිතවත් මාධ්‍යවේදීන් කැඳවා විස්තර කරමින් සිටින බව වාර්තාවේ. මේ වනවිට ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන රංජිත් බණ්ඩාර මහතා, පසුගිය දින කිහිපයෙහි රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන් කිහිපදෙනෙකු වරින් වර කැඳවා රටේ මූල්‍ය අර්බුදය පිළිබඳවත්, එය විසඳීම සඳහා තමාට ඇති වැඩ පිළිවෙළ පිළිබඳවත් දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබේ.
තමා හොඳ වාමාංශිකයෙකු බවත්, ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරිකයෙකුව ලෙස සිටිය නිසා 88-89 වකවානුවේ රැඳවුම් කඳවුරුවල පවා රඳවා සිටි බවත් පැහැදිලි කර ඇති රංජිත් බණ්ඩාර මහතා, දුප්පත් ජනතාවගේ ගැටලූ සම්බන්ධයෙන් තමාට හොඳ අවබෝධයක් ඇති බවත් පී.බී. ජයසුන්දර මහතා දක්‍ෂයෙකු වුවද ඔහුට ජනතාවගේ දුක නොතේරෙන බවත් ඔවුන්ට පවසා තිබේ.
අප වෙත වාර්තාවන පරිදි ලබන වසරේ අයවැය වාර්තාවට අදාළ යෝජනා කෙටුම්පත් කිරීමද ජනාධිපතිවරයා විසින් රංජිත් බණ්ඩාර මහතා වෙත පවරා තිබේ. ඔහු විසින් ඒ සම්බන්ධව එම මාධ්‍ය ප‍්‍රධානීන්ට ඉඟි කර ඇත.
මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඉවත් කොට එම තනතුර සඳහා මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත් කිරීමට පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා දරන උත්සාහයට මේ වනවිට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේද සහාය ලැබී තිබේ.
Source - lankanewsweb.com