Chitika Smowtion 468x60


Tuesday, July 24, 2012

මෙවර "හික්කා 2012" අනාතයි. ‍රැවටෙන්න එපා !


හික්කා යන නාමය භාවිතාකොට මෙවර පවත්වන ව්‍යාජ සැණකෙළිය පිළිබඳව අප වෙබ් අඩවිය මෙයට පෙර ලිපියක් පල කල අතර ඒ සම්බන්ධව වැඩි දුර විස්තර ලැබී ඇති හෙයින් එහි වැඩි දුර විස්තර පහත පල වේ. 

මෙම වැඩසටහන පුරාවට මෙය 2008,2009 වසර වල මෙන් පුර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවන්නක් බව පෙන්වීමට උත්සහ කරද සැබවින්ම මෙය සිදුකරනු ලබන්නේ රංජිත් කුමාර නමැති ගාල්ල පිරිමි විදුහලකින් අපචාර ක්‍රියාවක් හේතුකොටගෙන ඉවත් කරන ලද ගුරුවරයෙකු බව වාර්තාවේ. 


මොහු හුදෙක් ගාල්ලේ පළාත්සභා දේශපාලඥයෙකු ගේ හෙන්චයියෙකු මිස මෙවැනි අන්තර්ජාතික වැදගත් කමක් දිනු උළෙලක් සංවිධානය කිරීමට අද්දැකීම් ඇත්තෙකු නොවේ. එනමුත් ඔහු සැමවිටම පවසනු ලබන්නේ නාමල් රාජපක්ෂ මහතා තමාගේ හොඳ හිතවතෙකු බවත් මෙය කිරීමට තමාට පමණක් අවසර දෙන ලෙස බලධාරීන්ට නාමල් රාජපක්ෂ මහතා දැන්වූ බවත්ය. එනමුත් අප වෙබ් අඩවිය කල සොයාබැලීමකදී හෙලිවුයේ මෙම වැඩසටහන සඳහා නාමල් රාජපක්ෂ මහතාගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.

මොවුන්ගේ වෙබ් අඩවි පුරාවට පසුගිය අවුරුදු වල හික්කඩුව සැණකෙළියට පැමිණි ( එහෙත් මෙවර නොපැමිණෙන ) කලාකරුවන්ගේ ජායාරූප යොදාගනිමින් ප්‍රේක්ෂකයන් නොමග යැවීමට උත්සහ දරා ඇත. 


තවද මෙම වැඩසටහන තුල raggae සහ jazz සංගීත අංග පවතින බව සඳහන් වෙතත් ඒවා සිදුකරනු ලබන කිසිදු කලාකරුවෙකු ගැන සඳහනක් නොවේ. Nadroo බෙර වාදන කණ්ඩායම මෙම වැඩ සටහනට පැමිණෙන බව පළමුව වාර්තාවුවද දැන් ඔවුනුත් මෙයට නොපැමිණෙන බව වාර්තාවේ. 

dj Ben davitt නැමති කලාකරුවා මෙය සඳහා පැමිණෙන බව සඳහන් කරමින් විශාල ප්‍රමාණයේ කටවුට් ගාල්ල 
නගරයේ ප්‍රදර්ශනය 
කලත් ඔහු එම උළෙලට සහභාගී නොවන බව නිල වශයෙන් ප්‍රකාශකොට ඇත.


සමස්තයක් ලෙස මෙවැනි රාත්‍රී සංගීත සඳහා වයස අවරුදු 18 අඩු ළමුන් සහභාගීකර නොගත්තද මෙම රන්ජිත් කුමාර විසින් පාසල් යන වයසේ ළමුන්ට pass ලබාදෙමින් ඔහුගේ ප්‍රවර්ධන වැඩ කටයුතු සඳහා ළමා ශ්‍රමය නොමිලේ යොදාගනියි .මෙවැනි වැඩසටහන් තුලින් පාසල් ළමයින් විවිධ විෂමාචාර ක්‍රියා වලට යොමු වීමේ දැඩි අවදානමක් පවතී. 


කිසිවිටක මෙවැනි වැඩසටහන් සඳහා සිංහල භාෂාවෙන් ප්‍රවර්ධන සහ නිවේදන කටයුතු සිදුනොකෙරුනද මෙවර රන්ජිත් කුමාරගේ හිතවත් සිංහල නිවේදකයන් සන්නිවේදන කටයුතු සඳහා යොදාගන්නා බව වාර්තාවේ. BnS ,ඉරාජ් ,සුරනි සහ දුසිමක් තරම් වන දේශීයව නොමිලේ සහභාගිවන DJ කලාකරුවන් සිටින මෙමෙ වැඩසටහනේ V .I .P . area එකට ඇතුලත් වීම සඳහා USD 50 එනම් රුපියල් 6800 කට ආසන්න මුදලක් අය කිරීමට සැලසුම්කොට ඇත.
 
මොවුන්ගේ දැන්වීම් තුල හික්කා 2012 ප්‍රවේශපත් හික්කඩුවේ පිහිට ඇති 5 star හොටෙල් වලින් ලබාගත හැකි බව දන්වා ඇති නමුත් හික්කඩුව තුල කිසිඳු 5 ස්ටාර් හෝටලයක් නොමැති බව වාර්තා වේ.

රුපියල් ලක්ෂ 100 දක්වා සියලුම ආදායමද ,ලක්ෂ 100 ඉක්මවූ පසු ලැබෙන අදායමෙන් 50% ද රන්ජිත් කුමාරට ලබාදීමට රුහුණු සංචාරක ආයතනයේ සභාපති U.G.පියදාස මහතා තීරණය කර ඇතිබව වාර්තාවේ. 


ජාතික වැදගත්කමක් ඇති මෙවන් වැඩසටහන් 
දේශපාලකයන්ගේ උවමනාවට වෙන්දේසිවිම ගැන හික්කඩුව නගරයේ ජනතාව දැඩි වේදනාවෙන් බලාසිටියි. මෙම වැඩසටහනේ ලාභයට ගිජුව විෂය බාර අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාටද වැරදි තතු ලබාදීම සඳහා අනෙකුත් අදාල මැති ඇමැතින් සහ නිලධාරී අවසරය ගෙන ඇතිබවට වාර්තාවී ඇත. 


Source : http://www.gossip9.com/2012/07/2012_23.html#ixzz21TTFrCcV

Share this article with your friends