Chitika Smowtion 468x60


Tuesday, July 24, 2012

දැරිය නොහැකි අධික බදු බර නිසා මෝටර් රථ ලියාපදිංචිය 66%කින් බසියි

පසුගිය මාර්තු මාසයේ වාහන බදු වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමඟ අලුතින් මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවී තිබෙනවා.

ඊට අමතරව ජේ.බී කොටස් තැරැව්කාර සමාගමේ සමික්ෂණයකින්න් තහවුරුවී තිබෙන්නේ ත්‍රී රෝද ලියා පදිංචිය 54%කින්ද, යතුරුපැදි ලියාපදිංචිය 46%කින්ද අඩුවී ඇති බවයි. මේ අනුව සමස්ථ වාහන ලියාපදිංචියේ අඩුවීම 46%කි.

පසුගිය ජූනි මාසයේ ලියාපදිංචි වූ මෝටර් රථ සංඛ්‍යාව 4,397ක් වූ අතර එය මෙම අවුරුද්දේ ජූනි මාසයේ එය 1,454 දක්වාද, යතුරුපැදි සංඛ්‍යාව 21,833 සිට 11,634 දක්වා පහත වැටී තිබේ.


එනමුදු සුපිරි වාහන සඳහා පවතින ඉල්ලුම අඩු වී නොමැති බවත් කෝටියකට වඩා වටිනා වාහන 10ක් දිනකට ලියාපදිංචි වන බවත් මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තු වාර්තා වලින් කියැවෙනවා.

රජයේ නිලධාරීන්, අමාත්‍යාංශ සහ වරප්‍රසාද ලත් පුද්ගලයන්ට පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක්‌ රුපියල් විසිහය කෝටි විසිනව ලක්‍ෂයක තීරු බදු නිදහසක්‌ වාහන ගෙන්වීමෙන් ලබාදී තිබේ. මොන්ටෙරෝ, ජගුවර්, ලෑන්ඩ් කෲෂර් ඇතුළු වාහන තුන්සිය පනහකට අධික සංඛ්‍යාවකට මෙසේ තීරු බදු සහන එම මාසය තුළදී ලබාදී ඇති බව පසුගිය බ්‍රහස්‌පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අති විශේෂ ගැසට්‌ පත්‍රයක සඳහන් වේ.

නවතම වාහන මෙන්ම පාවිච්චි කරන ලද වාහන ද මෙසේ තීරුබදු සහන යටතේ ආනයනය කර ඇති අතර අමාත්‍යාංශ ලේකම්වරුන්, දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික රජයේ නිලධාරීන් සහ විවිධ සමාජ සේවා සංවිධාන විසින් එලෙස මෙම වාහන ගෙන්වා ඇත.

වසර 2011 දී මෙරටට වාහන ගෙන්වීමට වැය කළ මුදල ඩොලර් මිලියන 1700 කි. බදු සංශෝධනය හේතුකොට වාහන ගෙන්වීම අධෛර්යයට පත්වී ඒ සඳහා වැය වන මුදලින් ඩොලර් මිලියන 700ක් රටේ ඉතිරි වනු ඇති බවටයි රජය උපකල්පනය කළේ. කෙසේවුවද මෙලෙස වාහන ලියාපදිංචිය අඩුවීම නිසා ආණ්ඩුවට ලැබෙන බදු ප්‍රමාණයද අඩු නිසා ආණ්ඩුවේ අය වැය පියවාගැනීමේ ගැටළු මතුවිය හැකි බවයි පැවසෙන්නේ.

මේ අතර තවත් වාර්තාවකින් කියවුනේ විවාහ ලියාපදිංචි කරන සංඛ්‍යාවද 2010 වසරට සාපේක්‍ෂව 3.4% කින් අඩු වී ඇති බව රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුවේ 2011 කාර්ය සාධන වාර්තාවේ සඳහන් බවයි.












Source: http://www.gossip9.com/2012/07/66.html#ixzz21TRGQfyh

Share this article with your friends