Chitika Smowtion 468x60


Tuesday, July 24, 2012

ඇමතිතුමා අපේ පවුලේ හිතවතෙක් - නයනා කුමාරි කියයි

සමහර කතන්දර වල ඇත්තක් නැතුවම නෙවෙයි.!

පසුගිය කාලයේ ඇමතිවරයෙකු හා සම්බන්ධව ඉමහත් කතාබහට ලක්වූ නයනා කුමාරි පසුගියදා පුවත්පතක් සමඟ ඒ පිළිබඳව අදහස් දක්වා තිබුණා

විවිධ අරමුණු ඔස්සේ හඹා යෑමෙන් නළු නිළියන්ට කතාන්දර හැදෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ නේද?
සමහර කතන්දර වල ඇත්තක් නැතුවම නෙවෙයි. ඒත් වැඩි හරියක් මඩ ගහන්න කියන කතා. ඇතැම් පුවත්පත් හා වෙබ් අඩවි ජනප්‍රියත්වය උදෙසා ජනප්‍රිය අයට මඩ ගහනවා. ඒ මඩ කියවන පිරිසක් ඉන්න නිසා අලුත් මඩ නිර්මාණය කරනවා.

පසුගිය කාලයේ ඔබ සම්බන්ධයෙන් ඇතිවුණු කතාන්දරයත් එක්ක පවුල් ජීවිතය රැකගන්න ගැහැණියක් විදිහට ඔබ යෙදූ උපක්‍රම මොනාද?

මාත් මගේ සැමියා සුමිත් ගල්කන්ද ආරච්චිත් (සහාය අධ්‍යක්ෂවරයෙකි) අතර තිබෙන දැඩි විශ්වාසය හා බැඳීම නිසා රටේ ලෝකේ කයිකතන්දර වලට අපේ පවුල් ජීවිතය බිඳ දමන්න බැරි වුණා.

අපි දෙන්නගේ හිතවත්කමට වසර 20ක් වෙනවා. අපි දෙන්නට දෙන්නා හොඳින් දැන හඳුනගනයි විවාහ වුනේ. ඒ නිසා මේ වගේ කතන්දර අපි ගනන් ගන්නේ නෑ.

අනික ඇමතිතුමා අපේ පවුලේ හිතවතෙක්. කලාකරුවෝ ඇමතිවරු එක්ක හිතවත් තමයි. ඒවා බලාගන ඉන්න බැරි අය කතන්දර හදනවා. වසරක විතර කාලයක් තිස්සේ ඔය කතන්දර ගැන ලියපු තැපැල්පත් අපේ ගෙදරට ආවා.

වෙබ් අඩවි වල තිබුන ඒවා නම් දැකලා නැහැ. අපි ඕවා බලන්නෙත් නැහැ. බලන්න වෙලාවකුත් නැහැ. ඕපදූප පස්සේ දුවන්නේ මානසික රෝගින් කියලයි මම නම් හිතන්නේ. ඕවායින් අපට වැඩක් නැහැ.

අනුන්ගේ ඕපදූප කියවලා රසවිඳින පිරිසක් ඉන්නවා. ඒක ඒ අයගේ සතුටනේ අපිට මොකද. අපි අපේ වැඩක් කරගෙන සතුටින් ඉන්නවා.










Source: http://www.gossip9.com/2012/07/blog-post_23.html#ixzz21TWRrfp5

Share this article with your friends