කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් මන්නාරම මහේස්ත්රාත්වරයාට පසුගිය 17 වනදා උදේ තර්ජනය කර තිබුණා. ඒ 0777-487504 දරණ දුරකතන අංකයෙන්.
තර්ජනය කර තිබුනේ "මම ඇමති රිෂාඞ් බදියුඞීන් කතා කරන්නේ. ඔයා මහෙස්ත්රාත්ද කතා කරන්නේ. උඹ තොප්පි දාපු කට්ටියට (මුස්ලිම් කට්ටියට) එක විදියකට සලකනවා. මහේස්ත්‍රාත් ඔයා සම්බන්ධව මට පැමිණිලි කිහිපයක් ලැබී තිබෙනවා. ඔයා හරියට වැඩ කරන්න ඕනේ. බී/273 දරණ නඩුව සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න එපා". යනුවෙනි.
එවිට මහේස්ත්‍රාත්වරයා පවාසා ඇත්තේ "මට විරුද්ධව පැමිණිලි තියෙනවනම් අධිකරණ සේවා කොමිෂන් සභාවට කියන්න" යනුවෙනි. එවිට ඇමතිවරයා පවසා ඇත්තේ "ඒක මට පොඩි වැඩක්" ලෙසයි.
ඊට පසුදා ඇමතිවරයා විසින් තම ගෝල බාලයන් රැසක් උසිගන්වා අධිකරණය ඉදිරිපිටට රැස්කර උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. උද්ඝෝෂණය අතරතුරේ ඔවුන් විසින් අධිකරණයට ගල් ගසා තිබුණා.
මෙලෙස තර්ජනය කිරීමේ සිද්ධියටත් අධිකරණයට ගල් ගැසීමේ සිද්ධියටත් විරෝධය පළ කරමින් පසුගිය 20 වනදා අධිකරණ කටයුතුවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කිරීම නිසා දිවයිනේ සියලුම අධිකරණ කටයුතු අත්හිටුවීමට සිදුවුනා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පැවසුවේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට විරුද්ධව නඩු පවරන බවයි.
මේ පිළිබඳව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසා තිබුනේ තාක්ෂණික කරුණු ඔස්සේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකරන බවත් දැනට සිදු කෙරෙන විමර්ශනවලින් ප්‍රමාණවත් සාක්ෂි හෙලිවුන හොත් මිස අමාත්‍ය රිෂාඞ් බදියූදීන් අත්අඩංගුවට නොගන්නා බවයි.
එසේ වුවද ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට ප්‍රකාශයක් ලබා දි ඇති නිසා වෙනත් විමර්ශන නොමැතිව වුවද අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය තිබෙන බවයි තරුණ නීතිඥයින්ගේ සංගමය පවසන්නේ.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 19 වනදා මන්නාරම මහේස්ත්‍රාත් ඞී.ජේ ජූඞ්සන් මහතා විසින් අග්රවිනිශ්චකාර තුමිය වෙත ලිපියක් මඟින් දන්වා තිබෙන නමුත් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ අදාල සිද්ධියට සම්බන්ධව තවමත් රජයට නිළ වශයෙන් දැනුන්දීමක් කර නොමැති බවයි.
තවද කෙහෙළිය අමාත්‍යවරයා විසින් අදාල සිද්ධියට සම්බන්ධ සහෝදර ඇමතිවරයා නිර්දෝෂීයැයි යන්න හැඟෙන පරිදි ප්‍රකාශ කර තිබුනේ "අපට අසන්නට ලැබුනේ කර්මාන්ත සහ වාණිජ ඇමති රිෂාඞ් බදියුදීන් ඇමතිතුමන්ගේ සහායකයින් සහ ගම් වැසියන් අතර ගැටුම හටගන්නා වෙලාවේ ඇමති තුමන් එහි නොසිටිය බව. ඒත් එතුමාටයි දොස් කියන්නට සැරසෙන්නේ. එහෙත් ප්‍රශ්ණය වන්නේ කොතරම් දුරට මේ සිද්දිය සම්බන්ධව එතුමා දායක වන්නේ ද යන්නයි. ඒ වගේම ඔහු මේ සිද්දිය ට දායක වුයේ කෙසේදැයි අපි තහවුරු කරගත යුතු වනවා" ලෙසයි.
රට තුළ මේ පිළිබඳව කතිකාවතක් ඇතිවීමත්, නීතිඥවරුන්ගේ විරෝධයත් සමඟ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අදාල සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස රහස් පොලීසියට නියෝග කර තිබෙනවා.
මේ අතර පෙරේදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඞ්සන් සමරසිංහ මහතා ඔහුගේ රට යන අත වැඩ සටහනින් මන්නාරම විනිසුරුවරයාට ප්‍රසිද්ධියේ කොටියා යැයි චෝදනා කර තවත් බරපතල ගණයේ අපහාස සිදුකර ඇති බැවින් අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට මෙන්ම හඞ්සන් සමරසිංහ මහතාටද අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කිරීමට නීතිඥ සංගමය බලාපොරොත්තු වනවා.
අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගනීද?
මේ පිළිබඳව වීඩියෝව පහලින්.

Source: http://www.gossip9.com/2012/07/blog-post_4689.html#ixzz21UCFT3RQ