Chitika Smowtion 468x60


Saturday, August 4, 2012

කහවත්තට සාපයක් ?


කහවත්ත ප්‍රදේශය කියූ සැනින් දැන් අපේ මතකයට නැගෙන්නේ එතරම් සුබදායි මතකයන් නොවේ. ඒ කහවත්ත කාන්තා ඝාතන 14 ක් හේතුවෙන් සලිත වී ඇති හෙයිනි. කහවත්ත කොටකෙතන ගමේ මේ බොහොමයක් සිදුවීම් සිදුවූ අතර මෙහි ඇති විශේෂත්වය වුයේ සෑම මිනිමරුමකටම ගොදුරු වුයේ කාන්තාවන් වීමය.

මෙම තත්වය යටතේ කහවත්ත ගම්මානය පුරාවට අත්භූත කතා පැතිරී ඇති අතර මෙම ලිපියෙන් එවන් කතාවන් කිහිපයක් විමසා බැලීම සිදුකරනු ලැබේ.

කහවත්ත ගම්වැසියන්ට ඇති ප්‍රධාන ගැටලුව වන්නේ මෙම ඝාතන වලට තවමත් නැවතීමේ තිතක් නොමැති වීම ගැනය. පසුගිය බොහෝ මිනීමැරුම් වල ඝාතකයන් හෙළි වූ අතර ඔවුන් හා ඔවුන්ගේ නෑයන්ට පවා උන්හිටි තැන අහිමි වුනි.


ගෙවල් ගිනි තැබුණි. දේපල විනාශයට පත්විණි.එම ඉරණම අත්වන බව දැන දැනත් කහවත්තේ මිනිසුන් අපරාධ කිරීම සඳහා පෙළඹෙන්නේ ඇයි? බොහෝ අපරාධකරුවන් අවසානයේ පාපොච්චාරණය කරන්නේ "මට මේක කරන්න හිතුනා" යනුවෙනි.

ඒ අනුව කහවත්තේ ගම්වාසීන් විශ්වාස කරන එක් කතාවක් වනුයේ මේ පිටුපස ඉටු නොකළ නිධන් භාරයක් ඇති බවය. රත්නපුර - කහවත්ත යනු මැණික් වලින් පිරි භූමියක් වන අතර සාමන්‍යය කටයුත්තකට වුව පොලව හැරුවද මැණිකක් මතුවන බවට මතයක් ඇත. ඒ අනුව කිසියම් පිරිසක් විසින් නිධානයක් ගැනීමට ගිය වෙලාවේ නිසි පිලිවත් ඉටු නොකිරීම හේතුවෙන් යම් කිසි සාපයක් ගමට ඇති බවට කහවත්තේ ඇතැමුන් විශ්වාස කරති.

කහවත්තේ මිනිසුන් විශ්වාස කරන අනෙක් මතය වන්නේ මෙම මිනීමැරුම් හා කොටකෙතන ඇල සම්බන්ධව පුරවෘතයයි. කොටකෙතන ඇල මෙම මිනීමැරුම් වලට සම්බන්ධ වන්නේ සෑම මිනීමැරුමක් කල කාන්තාවකගේම නිවස පිටුපසින් මෙම කොටකෙතන ඇල ගලන නිසාවෙනි. කොටකෙතන ඇල සම්බන්ධව මිනීමැරුම් ඉතිහාසයක්ද ඇත.



එනම් කලකට පෙර රා මදින මිනිසෙකු විසින් කාන්තාවකට පිහියෙන් ඇන මිනිය කර තබාගෙන කිලෝමීටර් ගනනාවක් කොටකෙතන ඇල දිගේ පමිණ ඇති අතර කොටකෙතන පාලම යටින්ද ගෙන ගොස් ඇත.

ඔහු උත්සාහකොට ඇත්තේ තමා ඝාතනය කල කාන්තාව කොටකෙතන ඇලෙන් එපිට ලඳු කැලෑවකට ගෙනගොස් ලිංගික තෘප්තියක් ලබාගැනීමටයි. ගම් වැසියන් විසින් සෙවීමේදී ඔහු මිනිය ගසක් මුල දමා පැනගොස් ඇත.

මේ අප හෙළිකළේ කහවත්ත ගම්මානයේ පැතිර ඇති අත්භූත කතාය. මේවා බොහොමයක පදනමක් නැති කතා බව මෙයට පෙර කහවත්ත ඝාතනවලදී අප පෙන්වා දුන්නෙමු. අත්භූත ආකාරයට එක් අඟලක්ෂණ සහිතව මිනීමැරුම් සිදුවෙද්දී මෙවන් කතා පැතිරීම පුදුමයක් නොවේ.












Source: http://www.gossip9.com/2012/07/blog-post_8966.html#ixzz22Vy4XKaU

Share this article with your friends