Chitika Smowtion 468x60


Saturday, August 4, 2012

දුමින්ද ලංකාවට ඇවිල්ලා - හිරුණිකා


මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමකින් බරපතල තුලාවල ලැබූ සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවත ලංකාවට පැමිණ ඇති බව හිටපු ජනාධිපති උපදේශක භාරත ප්‍රේමචන්ද්‍ර ලක්ෂ්මන් මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ප්‍රකාශ කර සිටිනවා.

ඒ පිලිබඳ වැඩිදුර අදහස් පලකරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 

"මට තොරතුරු ලැබිල තියෙනවා දුමින්ද සිල්වා නැවත ලංකාවට ඇවිල්ල කියලා.මම දන්නේ නැහැ හරියටම ඔහු ආවේ කීයටද කියල.සමහරු කියනවා ඔහු ඊයේ රෑ ආව කියල,තවත් සමහරු කියනවා මිට සති දෙකකට කලින් ආව කියල.


ඒ කොහමවතත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරලා තියෙන්නේ ඔහු ලංකාවට ආ වහාම අත්අඩංගුවට ගන්න කියලයි".

ඇය මේ පිළිබඳව පොලිස්පතිතුමාද දැනුවත්කර ඇති අතර මෙයට පෙර ඇය විසින් දුමින්ද සිල්වා ලංකාවට පැමිණ ඇති බව කියූ ප්‍රකාශයක් හේතුවෙන් මාධ්‍යයවේදින් ගුවන්තොටුපලේ රැස්කමින් ඔහු එනතෙක් සිටියද එය එසේ නොවිය.












Source: http://www.gossip9.com/2012/08/blog-post_4.html#ixzz22YvxOe9v

Share this article with your friends