නව පරපුරේ රංගන ක්ෂේත්‍රයය තුළ නවක මුහුණු රැසක්ම දකින්නට හැකි අතර මහේෂී මධුසංකා එවැනි අලුත් මුහුණකි.කොහොම වෙතත් ඇය ක්ෂේත්‍රයට එන්නේම පුධාන චරිත කිහිපයක් තුළින් වීම විශේෂයකි.
කලක් "ඕමානයේ"ජීවත් වූ ඇය මේ දිනවල අලුතින්ම විකාශය වන "පිපෙන මල්"ටෙලි නාට්‍යය තුලින් ඔබේ ආලින්දයට පැමිණේ.පිපෙන මල් දීර්ඝ නාට්‍යයක අද සිට විකාශය වෙන අතර අද අපි ඇය මුණගැසුනෙමු.
*සම්පූර්ණ නම: මහේෂී මධුසංකා
*උපන් දිනය: 1992.10.27
*ලග්නය: වෘශ්චික
*පදිංචිය: මහරගම
*ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
හරිම ලස්සනයි.සැහැල්ලුවෙන් ගලා ගෙන යනවා.
*රංගනය තෝරා ගත්තේ ඇයි?
ආසාව නිසා.කාලයක් තිස්සේ හිතේ තිබුණ හීනයක්.
*ආසාව තිබුනු තරමට හැදෑරීමක් නැතිව රගපාන්න පුලුවන්ද?
බැහැ.මම ඒ ගැන හදාරනවා.ඒ වගේම වාසල බණ්ඩාර සහ ප්‍රියන්ත ලලිත් කියන ගුරුවරුන්ගෙන් හදාරලා තියෙනවා.
*සමහරු කියනවා ලංකාවේ රංගනය හදාරන්න තැනක් නෑ කියලා?
මම හිතන්නේ හදාරන්න පාසලක්ම ඕණි නෑ.පාසල්වලින් හදාරන්නේ නැතිව ඉදිරියට ආව ගොඩාක් අය ඉන්නවා.
*රගපානවට ගෙදරින් කැමතිද?
අම්මා කැමතියි.එයා ගොඩාක් උදවු කරනවා.ඒත් තාත්තා ඒ තරම් කැමැති නෑ.එයාගෙන් ලොකු උදවුවක් ලැබෙන්නෙත් නෑ.
*ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහය මොන වගේද?
අනික් අයට කොහොමද දන්නේ නෑ.මට ප්‍රවීණ අය ගොඩාක් උදවු කරනවා.ඒ නිසාමයි මම අද මේ ගමන මේ තරම් ඉක්මනින් ආවේ.
*කැපිලි කෙටිලි පිරුන තැනක් නේද ඔතන?
ඔව්..ඒත් හැකියාවක් නැති අය තමයි කැපිලි කෙටිලි වලින් ජීවත් වෙන්නේ.ගොඩක්ම අලුත් අය අතර තියෙන අනවශ්ය තරගය තමයි මේකට හේතුව
*ඔබට එහෙම අත්දැකීම් නැද්ද?
ඕන තරම් තියෙනවා.කෙනෙක් ජනප්‍රිය වෙනකොට ගොඩක් අයට ඉවසන්න බෑ.
*ක්ෂේත්‍රය ගැන කළකිරුණ අවස්ථා නැද්ද?
සමහර වෙලාවට කාටත් ප්‍රශ්ණ එනවා.ඒත් අපි නිවැරැදිව ඉන්න දන්නවා නම් කිසිම ගැටලුවක් නෑ.මම එක්ක හැම වෙලාවෙම මගේ අම්මා ඉන්නවා.
*රංගනය තෝරා නොගත්තානම්?
air hostess කෙනෙක් හරි dancing teacher කෙනෙක් හරි වෙයි.
*දැනට කරපු නිර්මාණ මොනවද?
මුතු වරුසා, චායා,පිපෙන මල් කියන ටෙලි නාට්යිවල මම ප්‍රධාන චරිත කළා.ළගදි එන්න තියෙන "ජීවිතය ලස්සනයි"චිත්‍රපටියේ රගපෑවා.
*ආදරය ගැන මොකද හිතන්නේ?
සුන්දරයි.
*ඔබ ආදරය විදිනවාද?
ඔව්..අම්මගේ තාත්තගේ ආදරය විදිනවා.වෙන ආදරයක් නෑ.
*ළගම තියෙන ඉලක්කය මොකක්ද?
ජනප්‍රියම සහ හොදම නිළිය වීම.
*ඒ ඉලක්කය පහසුද?
නෑ..දක්ෂ අය ගොඩක් ඉන්නවා.
*lakbima online 18+ ගැන මොකද හිතෙන්නේ?
හරිම වෙනස්.කියවන්න ආසයි.
සාකච්ඡාව - සවිනි ශෂීප්‍රභා
*Photographed by - nasarulla