මෙම කුඩා ජල විදුලි බලාගාරය අඹගමුව ප්‍රාදේශීය කොට්ඨාශයේ වන දෙපාර්තමෙන්තුවට අයත් "වල්ලත්තාහෙල රජයේ කැළෑව" (අඳුරන්න මෝදර රජයේ කැළෑව) අශ්‍රිතව ඉදිකිරීමට යෝජිතය. මෙම කුඩා ජලවිදුලි බලාගාරයෙන් මෙගා වොට් 0.6 ක විදුලි ධාරිතාවක් නිපදවීමට නියමිය.
ඇබර්ඩීන් දිය ඇල්ලේ ඉහල කොටසේ ඉදිකිරීමට නියමිත මෙම කුඩා ජල විදුලි බලාගාරය හේතුවෙන් ඇබර්ඩීන් දිය ඇල්ල සහ ඊට ඉහල ප්‍රදේශයේ පිහිටා ඇති දිය ඇලි පහකට කෙහෙල්ගමුව ඔයේ ජල සැපයුම අහිමිවන බව පරිසරවේදීහු කියා සිටිති.
කෙහෙල්ගමුව ඔය ආශ්‍රිතව ඉදිකෙරෙන මෙම කුඩා ජලවිදුලි බලාගාරය හේතුවෙන් දිය ඇලි ආශ්‍රිතව ජීවත්වන මඩකනයා, පුවක්බඩිල්ලා, ශ්‍රී ලංකා ගල් පාඬියා ආදී මෙරටට ආවේනික මත්ස්‍ය ප්‍රජාව වඳවී යාමට ලක්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතවන බවද පරිසරවේදීහු පෙන්වා දෙති.
විදුලි බලාගාරය සෑදීමට යෝජිත ඉඩම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් වුවද අදාළ සමාගමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාදී නැත.
මෙම ජල විදුලි ව්‍යාපෘතිය මීට ඉහතදී කෙහෙල්ගමුව ඔයේ වම් ඉවුර අශ්‍රිතව ඉදි කිරීමට සුදානම් වුවද ඊට නිසි අවසරය නොලැබීම් හේතුවෙන් දකුණ ඉවුර අශ්‍රිතව ඉදිකිරීමට අවශ්‍ය වසර ලබා ගැනීමට සමාගම කටයුතු යොදා තිබේ.
අදාළ ව්‍යාපෘතිය වම් ඉවුරේ ඉදිකරනු ලැබුවද ඉහත දිය ඇලි සිදීයාමට ලක්වන බව පරිසරවේදීන් මෙන්ම ප්‍රදේශවාසීහු පෙන්වා දෙන අතර ජල විදුලි ව්‍යාපෘතිය ඉදිකිරීම හේතුවෙන් ඇබර්ඩීන් දිය ඇල්ල ආශ්‍රිත තෙත් කලාපීය පරිසර පද්ධතියට හානි වීමේ අවදානම් තත්වයක් ද මතුවන බව පරිසරවේදීහු අනතුරු අඟවති.
මේ පිළිබඳව නුවරඑලිය දිසා වන නිලධාරීවරයා කියා සිටින්නේ අදාළ ව්‍යාපෘතිය නතර කරන ලෙස අඹගමුව ප්‍රාදේශීය ලේකම්වරයාට දන්වා ඇති බවයි .
Source: http://www.gossip9.com/2012/09/6.html#ixzz25g6OFgQq